Sunday, December 22, 2013

ඉස්කෝලෙයි මමයි 2 (නිමලා, අපි සහ කුණුහරුප)

නිරාජයා ඇතුළු අපි මනෝ ගහපු හැටි මම පෙර ලිපියෙන් කිව්වෙමි. අපේ පන්තියේ මේ වගේ විශේෂ දක්ෂතා තියෙන කීපදෙනෙක්ම හිටියා මට මතකය.. මේ අතර "නිමලා " අතිසුවිශේෂී චරිතයක්ය... නිමලා කිව්වට මු කෙල්ලෙක් නොවේ කොල්ලෙකි, උගේ දිග නම කෙටි කර නිමලා කිව්වෙමු.

මා ප්‍රයිමරියේ සිට ලොකු ඉස්කෝලෙට යනකොට කුනුහරුපයකට කියා අසා තිබුනේ උඹ, තෝ, තොපි වැනි වචනය, ප්‍රයිමරියේ ඉද්දි උඹ කියා හෝ කිව්වොත් ටිචර්ගෙන් කන පැලෙන්න ෂොට් එක හම්බ වෙන්නේ ය.. කන පලාගැනීමට තිබු බිය නිසා කව්රුත් ඔයා, මෙයා, යන්න, එන්න, කියා අමතන්නට පුරුදු වී සිටියෝය....

කන පලාගැනීමට තිබු බිය නිසා


කාලය වෙනස් විය... අලුත් ඉස්කෝලෙට ගිය මට අපේ උන් ගේමක් නැතුව උඹ ,, තෝ කියා කථා කරනවා දුටු මම සිතුවේ මේක මහා ජරා ඉස්කෝලයක් කියාය.... හොඳම වැඩේ උනේ සිංහල පාඩමකදීය , "තොපි කොහේ යන්නෙහුද? " ටීචර් කියද්දී මම හිතුවේ ප්‍රින්සිපල් මැඩම් දැන් ඇවිත් ටීචර්ගේ කන පලනු ඇත කියාය.... එහෙම උනේ නැත ...ඉතිං මමත් සිංහල සමග තෝ, තොපි, නුඹ, නුඹලා යන මහා  භයානක කුණුහරුප රාශියක් ඉගෙන ගත්තේය...

කොහොමින් කොහොමහරි මම යථාර්තය තේරුම් ගත්තේ ය... ටික කලක් යද්දී ඒවා කුණුහරුප නොවන වග දැන ගත්තේය...

උගෙ වචන 10කට වචන 6ක් කුනුහරුප ය,,,,

මේ හැමදේම මට අලුත් උවත් නිමලා ඒ කාලේ ඉඳන්ම භාෂා ප්‍රවීනයෙක් විය... මම ආත්මෙට අසා නැති වචන ඌ දැනගෙන හිටියේය... ඒ රියල් කුනුහරුප ය.... ඌ කුණුහරුප කාපර්ය,,,, උගෙ වචන 10කට වචන 6ක් කුනුහරුප ය,,,, දවසක් ඌ කියූ "ප*යා" කියන වචනය ගෙදර ගොස් තාත්තගෙන් ඇසීමට සිතුනත් ඇසුවේ නැත්තේ කුමක් හෝ භයානක ඉරණමකට ගොදුරු වීමට සිදු වෙවියයි තිබු බිය නිසා ය...ඒ තරම් ඌව අපිට ෂුවර්ය... තාත්තගෙන් ඇහුවනම් තාත්තා මගෙ කන පලනවා නොඅනුමානය.. එවෙලේම ඉස්කොලෙන්ද අස්කරගන්නවා ෂුවර් ය....

නිමලා කුණුහරුප පලන්නේ දර පලනවා මෙන් ය.. නිමලා කුණුහරුප පලනවිට "ගයියා" කුණුහරුප ගණන් කරන්නේ ය... දිනක් පාසැල නිමා වෙද්දී නිමලා කුණුහරුප 200 ටත් වඩා කියූ බවට ගයියා නිවේදනය කළේය... ගයියා පට්ට රයිඩර්ය ,, අපිට ඌත් එක්ක දුවනවා තියා හිතන්නවත් බැරිය.. ඒ වගේ කුණුහරුප ගණන් කරද්දීත් අපිට ඌත් එක්ක හැරෙන්නවත් බැරිය...

නිමලා ජිවත් උනේ උගේම ලෝකෙකය, , උගෙ පට්ටම තියරියකි...ඌ හිතාගෙන හිටියෙ කෙල්ලෙක්ගෙ අතින් ඇල්ලුවත්, කිස් එකක් දුන්නත්, විශේෂයෙන්ම lip කිස් එකක් දුන්නත් pregnet වන බවය... උගේ තියරියට අනුව අපි කාන්තා ඇසුරෙන් ඈත් උනේ 6 වසරේ දීම දරු සුරතල් බැලීමට තිබු බලවත්  අකමැත්ත නිසාය...

අපි කාන්තා ඇසුරෙන් ඈත් උනේ 6 වසරේ දීම දරු සුරතල් බැලීමට තිබු බලවත්  අකමැත්ත නිසාය...

හිස් පීරියඩ් වලදී "නිමලා" අපිට රස කථා කියා දෙන්නේය.. මුළු පන්තියේම කොල්ලො සෙට් එක නිමලාගේ රස කථා අසා අමන්දානන්දයට පත් වන්නෝය,, ඒ කථා ඇසීමෙන් රස නහර පිනා යන්නේය, කන කළු වන්නේය, හිත සැහැල්ලු වන්නේය, ඒ ඒවා 100%ම අති පිරිසිදු කුණුහරුප වලින්ම සමන්විත නිසාය..6-7 පන්ති දෙකේම මු හිටියේ මගේ පංතියේය...ඒ අවරුදු දෙකේම මට උගෙ කථා ඇහිමේ වාසනාව හිමි වුයේ ය. කථා හොඳ ය. ඒත් කැත ය , ඌ ඒක දන්නේ නැත..(අද දැනගන්නවා ඇත)

හිස් පීරියඩ් වලදී "නිමලා" අපිට රස කථා කියා දෙන්නේය..

 ******************************************



ප.ලි-  අදටත් ඌ මගේ හොඳ මිත්‍රයෙක් ය , කොහොමත් ඌ මට වඩා අඟල් 5,6ක් උසය,, එක අතක් මං විතරය, මේ ලිපිය දැකල ගුටි කෑමට සිදු උනහොත් එහෙම්පිටිමම ඛේදවාචකයක් ය. උට මේ හැම දේම මතකද මම දන්නේ නැත ,, එහෙත් මේක කියවුවහොත් උට මේ හැමදේම මතක් වෙනවා නිසැකය...

කොම්පියුටරයෙන් මදුරුවන්ට තිත තියමු....

ආපහු ජිවිතේ මුල ඉඳලම පටන් ගන්න තීරණය කලා...(මුල ඉඳල කිව්වේ මොන්ටිසෝරියේ ඉඳල ඉස්කෝලෙ යන එක නෙවෙයි).. කොහොමත් ලිඳට වැටුණු මිනිහ ගොඩ එන්න ඕනේ ලිං කටින්මලුනේ... ඒක නිසා දැහැමෙන් සෙමෙන් වැඩ කරන එක ඇඟට ගුණයි.. තියෙන තදියමට වැඩ කරන්න ගිහිං තමයි මේ හැම දේම ... ඉතින් සැරෙන් සැරේ තමයි බ්ලොග් එක පැත්තේ එන්නෙ දැන්... සිංහලෙන් ටයිප් කරනවා කියන්නේ වහ කනව වගේ ... යන්තං යුනිකෝඩ් එකේ පිහිටෙන් පට පට ගාල ටයිප් කරගන්න පුළුවන් දැන් ...

ඔයා කොම්පිතරේ ඉස්සරහ වාඩි වෙලා ගේම් එකක් ගහද්දි මදුරුවෝ කෑවොත් මොනවද හිතෙන්නේ... මදුරුවගෙ අම්ම විතරක් නෙවෙයි පරම්පරා දහයක් විතර මතක් වෙනවා නේද....


මම අද වෙබ් එකේ එහෙ මෙහෙ යද්දී මරු බඩුවක් හම්බුනා...(වැරදියට හිතන්න එපා ඒ බඩු නෙවෙයි :)  )..... මාත් හොය හොයා හිටපු දෙයක් ... මදුරුවෝ එලවන සොෆ්ට්වෙයා එකක්... 


මමත් ඩවුන්ලෝඩ් කරගත්ත ඒත් තවම ටෙස්ට් කලේ නැහැ හරි ගියොත් ගොඩ .... මුන් කියන හැටියටනම් වැඩේ හරියනවලු... අපිට ඇහෙන්නේ නැති ultra sound එකක් ස්පිකර් හරහා දීල මදුරුවෝ පන්නනවලු වැඩ කරනවද කියල බලාගන්නනම් බැහැ (අපිට ඇහෙන්නේ නැහැලුනේ :P ) කොහොමහරි ඔන් කරද්දී පොඩි සද්දයක් එනවා එච්චරයි... ම් එහෙනම් බාගෙනම බලන්නකෝ

මේ තියෙන්නේ උන්ගෙ සයිට් එක...(මුන්ට මාර අව්ලක් මදුරුවෝ එක්ක තියෙන්නෙ )


මෙතන ඔබල බාගත කරගන්න ("බාගත" කිව්වට බය වෙන්න එපා ඉස්කෝලෙ කාලේ IT පොතක තිබුනේ...කුණුහරුප වගේ)

 

එහෙනම් කට්ටියට මලින් බර, ඵලින් බර සුබ දවසක් වේවා.

Saturday, December 14, 2013

හිරවෙන්නෙ නැතුව ගේම් ගහමුද???? gaming without stuck

සුබ දවසක් හැමෝටම.. ඇට්ටරයගේ ගෑණි ඇට්ටරයව දාල ගිහින් මාස දෙකක්ම ගෙවිලා හිහින්.. දාල ගියේ ඇයි කියලනම් අහන්න එපා ඒක ඇට්ටරයවත් තාම දන්නේ නැහැ (ගෑණි හේතුවක් කිව්වේ නැහැනේ....) . ෂුවර් එකටම කොහෙන්හරි වෙන හිපාටුවෙක් සෙට් වෙලා ඇති .... මොනවා කොරන්නද ගෑනු නෙ ... මම මේ ලඟදි  faceබුකියෙ පොස්ට් එකක දැක්ක ....


කථාව ඇත්ත වගේ....

කොහොමින් කොහොමහරි ඇට්ටරය මේ ටිකේ හිටියේ ගෑණි මැරිල වගේ... මෙලෝ රහක් නැහැ ... බ්ලොග් එක පැත්ත පළාතේ ආවේ නැහැ. ඒ අස්සේ ගෙවල් ළඟ එකෙක් DDR 1 machine එකක් ගෙනල්ල දැම්ම හදල දියන් කියල... අලි මදිවට කොටි.... එක ලෙඩක් ඉවර වෙනකොට තව ලෙඩක්... මෙව්වා යවන්න ඕනේ කටුගෙට .....එපා වෙලා ඉන්නේ......



 තව ඇට්ටරයගේ මල්ලි බයික් එකෙන් කාර් එකක ඩිකිය හයියද කියල බලන්න ගිහින්..... කාර් එක අයිති බුවාට ඩිකිය ඇද ඇරලා දෙන්නත් උනා.. කාර් එක නිකන් පපඩම වගේ... ගරාජ් එකේ එකාව අඳුනන නිසා හොඳයි.... නැත්තන් කොරල හමාරයි..... . එකක් ඉවර වෙනකොට තව එකක් ,, තව මොනවා වෙයිද දන්නේ නැහැ.... අපලයක්ද කොහෙද..... වෙලාවවත් බලවගන්න ඕන.............වෙලාව අන්තිමේටම නරක වෙලා මයෙ හිතේ.... .... මෙහෙම ගොඩක් දේවල් උනා මේ කාලසීමාව අතර ....

ඇට්ටරය ලඟදි අලුත් වැඩක් පටන්ගත්තා ... ඇට්ටරය එක්ක "ඇට්ටර central college" එකේ හිටපු උන්ට මඩ ගහන එක තමා අලුත් වැඩේ ... මුණු පොත හරහා ඇට්ටරයගෙ original account එකෙන් තමයි මේක කරන්නෙ.. ... මරු වැඩේ 1st ෂයි A/L ෆේල් උණ මගෙ උගත් මිත්‍රයන්ගෙන් හොඳ උණුසුම් ප්‍රතිචාර හම්බවෙනව මේ වැඩේට ... හැබැයි ඉතින් සමහරුනම් මේක ගොඩාක් පෞද්ගලිකව අරගෙන .... ඉතින් මම තීරණය කළා මේ මඩ ක්‍රියාන්විතය විහිළු දන්න මගෙ උගත් මිත්‍රයින්ට විතරක් දියත් කරන්න....


බලමු .....................................

              

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ඇවිත් දෙන්න යන්නෙ හැමෝම........... බලාගෙන............... බලාගෙන ..............බලාගෙන............... හිටපු දෙයක්.. ගොඩාක් onboard vga තියෙන කොම්පිතර් තියෙන අයට ගැටලුවක් තමයි මලාට හරියට ගේම් එකක් ගහන්න බැහැ .... කොහොමහරි දනි පනි ගාගෙන ගැහුවත් ඕනෙම තැන වලදී හිර වෙනව ... ආපහු හරියද්දි වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි... කාර් රේස් එකක් එහෙම ගහනකොට හරියටම වංගුවක් ගද්දි හිර වෙනව ... ආපහු හරියද්දි ඉතින් කියන්න ඕනේ නැහැනෙ :P  . මටත් අනේ වාසනාවන් කියල ඒ අත්දැකීම විඳින්න දැන් අවස්ථාව උදාවෙලා තියෙනව......
මේකට විසඳුමක් තියෙද කියල හොයල බලද්දී තමයි මට මේක හම්බුනේ...... :) මම මේක හොයාගන්න ගොඩාක් මහන්සි උණා ... සමහර අය මේක හොයාගන්න ගොඩක් උදව් කළා මට... ඉතිං අපි වැඩේට බහිමු...
මේ ඔන්බෝර්ඩ් VGA වල තියෙන අවුල තමා.. ගේම් ගහන්න පුළුවන් උනත් හිර වෙන්නේ නැතුව ගහන්න බැරි එක... ගොඩාක් හොඳ onboard vga ත් තියෙනව.. ඒ අයට ඉතිං මේ ලිපිය වැදගත් වෙන්නේ නැති වෙයි... මේකට විසඳුම..















































































කීයක්හරි දීලා අලුත් VGA එකක් ගහගන්න.... :P වෙන්නම් විදිහක් නැහැ ..... ....





(onboard vga එකෙන් ගේම් ගහන්න බලාගෙන හිටපු මගේ සහෘදයන්ට මගේ බලවත් කණගාටුව.... )

Thursday, November 7, 2013

ෆුල් ෆේස් හෙල්මට් තහනම් .....??? Full face Helmet-Banned????




ෆුල් ෆේස් හෙල්මට් තහනම් .....??? එහෙනම් මුස්ලිම් ගෑනු අඳින බුර්කාවත් තහනම් කරපියවූ...






තොපි ඒක කරන්නේ නැහැ ,,  රෙද්දේ ආගමික සහජිවනේ.. දුප්පත් මිනිහගේ හෙල්මට් එකටත් කෙලිනව....


 යකෝ හැම මිනිහම ෆුල් ෆේස් ගන්නේ හොරකමේ යන්නවත්, අවලමේ යන්නවත් නෙවෙයි ,, දුවිල්ලේ byk එකක යනකොට ,, නැත්තනම් ගිනි කාෂ්ටක අව්වේ බයික් එකක යනකොට දැනෙන ආතල් එක අඩු කරගන්න, මේක හරි ආතල් රටක්නේ ඕයි.. , කොහෙද ඉතින් ඔය නීති හදන ගස් බල්ලන්ට ඕව තේරෙනව යැ... උන් යන්නේ AC වාහන වල ... නීති හදන උන්ට කියන්නේ ,, තොපි අපේ දුප්පත් වාහන වල ස්ටිකර් ගැලෙව්වා ... චන්ද කාලෙට තොපි විරිත්තගෙන ඉන්න ස්ටිකර් තොපේ වාහන වල *කේ ගහගෙන යනව .. ඒ ස්ටිකර් ගලවන්න බල්ලෙක්වත් නැහැ,, . තොපි අපේ දුප්පත් ත්‍රිවිල් එකේ තුන් දෙනෙක්ට වඩා යන්න බැහැ කිව්වා ,,, තොපේ රෙද්දේ ජන රැලි වලට ත්‍රිවිල් වල දහය පහළොව යද්දී ඒවා අල්ලන්නත් ඔය එක බල්ලෙක්වත් හිටියේ නැහැ... තොපිට ඔච්චර දඩ ඕනේනම් ගහපියව් ඔය බදු සහන දෙන කැසිනෝ වලට, දඩ... ගහපියව් විස්කි බෝතලේට, දඩ.... ගහපියව් අරක්කු බෝතලේට 200% ,, එහෙම ගහල බලපියව් එකෙක්වත් ඒවාට විරුද්ධ වෙයිද කියල,,දඩ ගහපියව් තොපේ නාස්තිකාර දරුවෝ රේස් පදින්න කියල ගේන කාර් වලට ,, නිකන් කට බලියාගෙන පුටු රත් කර කර ඉන්නේ නැතුව පාරට බැහැල බලපියව් මිනිස්සු ජිවත් වෙන්න විඳින දුක,,.... බයිසිකලයක් අරගෙන එක දවසක් ගිහින් බලපියව් පාරක,, අපිට දැනෙන ආතල් එක උඹලට එක දවසින් දැනෙයි.... දුප්පත් මිනිහටම කෙලින්නේ නැතුව පොඩ්ඩක් ඒ මිනිස්සු ගැනත් හිතපල්ලා.....
අනිත් එක තොපේ hi-fi වාහන වල තියෙන air බැලුන් අපේ දුප්පත් බයිසිකල් වල නැහැ,, හැප්පුණු ගමන් දිගැරෙන්න...යන්තම් හරි ඔළුවයි දත් සෙට් එකයි දෙකම බේරගන්න තිබුනේ මේක විතරයි ,, දැන් තොපි එකත් කෑව... විලි ලැජ්ජයි ඕයි ..

වතුර ඉල්ලපු උන්ට වෙඩි තිබ්බ, වාහනේක පාරේ යන්න නැහැ අරකයි , මේකයි කියල දඩ ගහනවා, එලියට ගිහින් හුවක් කිවත් දඩ ගහනවා.. වරෙල්ලකෝ බස්නාහිර චන්දෙ ඉල්ලන්න,, මෙහෙනම් එන්න එපා මේ පැත්තට ,,,ගහන්නේ ෆුල් ෆේස් හෙල්මට් එකෙන්ම පැණි බේරෙන්න... පුලුවන්නම් වැලිවේරිය පැත්තෙත් චන්දෙ කොරහල්ලකෝ.. රෙදි නැතුව තමයි එන්න වෙන්නේ...


@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

පට්ට තරහකින් ලිව්වේ ,, ගනන්ගන්න එපා,


                                                                                                                                               (SUDDA)

Saturday, November 2, 2013

යාලුවෝ ඉස්සරහ පොරක් වෙන්න KEYBOARD SHORTCUTS (Windows)

හම්ම .... පුදුම රස්නයක් ,, අම්ම කිව්වා අද හවස වහියි කියල,  කිව්වා වගේ වැස්ස.... මාර වැඩක් ...... රස්නේ නැති දවස් වල රස්නේනම් .. දාඩිය දානවනම්.... අම්ම කියන විදිහට අනිවාර්යෙන් වහිනවලු... මමනම් ඔව්ව දන්නේ නැහැ ..... 


දවසම කොම්පිතරේ ඉස්සරහට වෙලා මොනිටරේට විරිත්ත විරිත්ත ඉඳල එපා වෙලා... බෝල අතක් ගහපු කාලයක් මතක නැහැ .... ඉස්කෝලේ යන දවස් වල සෙල්ලම් කලාට පස්සේ සෙල්ලමක් කලේම නැහැ .... බයිසිකලයක් පැද්ද කාලයක් මතක නැහැ ........ ඉස්සර කිලෝමීටර් 20 /30 හොරේ තියල එක හුස්මට පැද්දට... දැන් මීටර් 100 දුවද්දී හති ... මාර වැඩක් ... ජිම් එකකටවත් යන්න ඕනේ .... ඒත් සල්ලි නැහැනේ ..... Modern world දුප්පත් කොල්ලොනේ .... අතේ සතේ නැහැ .... අතේ සතේ නැති උනත් , දුප්පත් උනත් උවමනාවටත් වඩා මනුස්සකම තියෙනවලු... යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් කිව්වේ ..... අනේ මන්ද ඉතින් ඔව්ව .... මනුස්සකම රෝස් පාන් එකක් එක්ක හරි ගාගෙන  කන්න පුලුවන්නම් හිත හදාගන්න තිබුන......


 

හරි හරි මාතෘකාවට බහිමුකො ... මොකද්ද මාතෘකාව ??? ....  keybord shortcuts නේ....

කැමතිද යාලුවෝ ඉස්සරහ Windows ශෝර්ට්කට් ගහල පට පට ගාල වැඩ කරලා පොරක් වෙන්න .... යාලුවෝ හිතයි මුනම් කොම්පිතර් කාපු එකෙක් කියල..... අපිනේ දන්නේ අපි ගැන.... මෙන්න බඩු ටික දවසින් දවස පුරුදු උනහම ඉබේම මෙව්වට හුරු වෙනවා ... මමත් පුරුදු උනා... වැඩේ හොඳයි ..... සාම්ප්‍රදායික කොම්පිතර් බුවාලා හොල්මන් කරන්න පුළුවන්....( වැඩකාරයෝ ගැන නෙවෙයි කිව්වේ ,, start මෙනු එකෙන් my computer ගත්තේ නැත්තන් හරි නැහැ කියල හිතන් ඉන්න උන් ගැන කිව්වේ...)


අර සාම්ප්‍රදායික පොරවල් ගැන වචනයක් කියන්න ඕනේ,,, දවසක් මට බුවෙක් සෙට් උනා ... ඌ මට කියනවා කොම්පියුටරේ හැම වෙලාවෙම දාල තියන්න හොඳ නැහැලු.... හාර්ඩ් එකේ තැටිය බුරුල් වෙනවලු ... අනෙ මගෙ කට ... එතකොට වැඩ කරන්නේ සැරෙන් සැරේ off කර කර ද.... තව ගොඩක් දේවල් කිව්වා... මමනම් කියන්නේ දෙයක් දන්නේ නැත්තන් කට පියාගෙන ඉන්න ඕනේ කියල.... නිකන් පීච්චං වෙන්නේ නැතුව...

Windows system key combinations ( කොහොමද මේක සිංහලෙන් කියන්නේ ..." ජනේල පද්ධති යතුරු බන්ධනය" ... ඒක කොහොමද?? ගැලපෙනවද??)

 
පහල තියෙන එව්වනම් සිංහලෙන් ලියන්න අදහසක් නැහැ .. මොන මොන කුණුහරුප ලියවෙයිද දන්නේ නැහැ.. උඩ එක බැලුවහම තේරෙනවනේ.... හිහ් (ජෝක් එකට සිංහලට පෙරළු බව සලකන්න,, නැත්තන් මගේ උගත් , නුගත්භාවය ගැන ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්)

    F1            : Help
    CTRL+ESC             : Open Start menu
    ALT+TAB               : Switch between open programs
    ALT+F4                   : Quit program
    SHIFT+DELETE    : Delete item permanently
    Windows Logo+L    : Lock the computer (without using CTRL+ALT+DELETE)

Windows program key combinations

    CTRL+C    : Copy
    CTRL+X    : Cut
    CTRL+V    : Paste
    CTRL+Z    : Undo
    CTRL+B    : Bold
    CTRL+U    : Underline
    CTRL+I    : Italic

Mouse click/keyboard modifier combinations for shell objects

    SHIFT+right click    : Displays a shortcut menu containing alternative commands
    SHIFT+double click    : Runs the alternate default command (the second item on the menu)
    ALT+double click    : Displays properties
    SHIFT+DELETE    : Deletes an item immediately without placing it in the Recycle Bin

General keyboard-only commands

    F1                 : Starts Windows Help
    F10                : Activates menu bar options
    SHIFT+F10 Opens a shortcut menu for the selected item (this is the same as right-clicking an object
    CTRL+ESC                        : Opens the Start menu (use the ARROW keys to select an item)
    CTRL+ESC or ESC            : Selects the Start button (press TAB to select the taskbar, or press SHIFT+F10 for a context menu)
    CTRL+SHIFT+ESC            : Opens Windows Task Manager
    ALT+DOWN ARROW            : Opens a drop-down list box
    ALT+TAB                : Switch to another running program (hold down the ALT key and then press the TAB key to view the task-switching window)
    SHIFT                    : Press and hold down the SHIFT key while you insert a CD-ROM to bypass the automatic-run feature
    ALT+SPACE                : Displays the main window's System menu (from the System menu, you can restore, move, resize, minimize, maximize, or close the window)
    ALT+- (ALT+hyphen)            : Displays the Multiple Document Interface (MDI) child window's System menu (from the MDI child window's System menu, you can restore, move, resize, minimize, maximize, or close the child window)
    CTRL+TAB                : Switch to the next child window of a Multiple Document Interface (MDI) program
    ALT+underlined letter in menu    : Opens the menu
    ALT+F4: Closes the current window
    CTRL+F4                : Closes the current Multiple Document Interface (MDI) window
    ALT+F6                : Switch between multiple windows in the same program (for example, when the Notepad Find dialog box is displayed, ALT+F6 switches between the Find dialog box and the main Notepad window)

Shell objects and general folder/Windows Explorer shortcuts
For a selected object:

    F2                : Rename object
    F3                : Find all files
    CTRL+X            : Cut
    CTRL+C            : Copy
    CTRL+V            : Paste
    SHIFT+DELETE        : Delete selection immediately, without moving the item to the Recycle Bin
    ALT+ENTER            : Open the properties for the selected object

To copy a file
Press and hold down the CTRL key while you drag the file to another folder.

To create a shortcut
Press and hold down CTRL+SHIFT while you drag a file to the desktop or a folder.

General folder/shortcut control

    F4                : Selects the Go To A Different Folder box and moves down the entries in the box (if the toolbar is active in Windows Explorer)
    F5                : Refreshes the current window.
    F6                : Moves among panes in Windows Explorer
    CTRL+G            : Opens the Go To Folder tool (in Windows 95 Windows Explorer only)
    CTRL+Z            : Undo the last command
    CTRL+A            : Select all the items in the current window
    BACKSPACE            : Switch to the parent folder
    SHIFT+click+Close button    : For folders, close the current folder plus all parent folders

Windows Explorer tree control

    Numeric Keypad *        : Expands everything under the current selection
    Numeric Keypad +        : Expands the current selection
    Numeric Keypad -        : Collapses the current selection.
    RIGHT ARROW        : Expands the current selection if it is not expanded, otherwise goes to the first child
    LEFT ARROW            : Collapses the current selection if it is expanded, otherwise goes to the parent

Properties control

    CTRL+TAB/CTRL+SHIFT+TAB        : Move through the property tabs

Accessibility shortcuts

    Press SHIFT five times                    : Toggles StickyKeys on and off
    Press down and hold the right SHIFT key for eight seconds    : Toggles FilterKeys on and off
    Press down and hold the NUM LOCK key for five seconds    : Toggles ToggleKeys on and off
    Left ALT+left SHIFT+NUM LOCK                : Toggles MouseKeys on and off
    Left ALT+left SHIFT+PRINT SCREEN                : Toggles high contrast on and off

Microsoft Natural Keyboard keys

    Windows Logo            : Start menu
    Windows Logo+R            : Run dialog box
    Windows Logo+M            : Minimize all
    SHIFT+Windows Logo+M        : Undo minimize all
    Windows Logo+F1            : Help
    Windows Logo+E            : Windows Explorer
    Windows Logo+F            : Find files or folders
    Windows Logo+D            : Minimizes all open windows and displays the desktop
    CTRL+Windows Logo+F        : Find computer
    CTRL+Windows Logo+TAB        : Moves focus from Start, to the Quick Launch toolbar, to the system tray (use RIGHT ARROW or LEFT ARROW to move focus to items on the Quick Launch toolbar and the system tray)
    Windows Logo+TAB            : Cycle through taskbar buttons
    Windows Logo+Break        : System Properties dialog box
    Application key            : Displays a shortcut menu for the selected item

Microsoft Natural Keyboard with IntelliType software installed

    Windows Logo+L        : Log off Windows
    Windows Logo+P        : Starts Print Manager
    Windows Logo+C        : Opens Control Panel
    Windows Logo+V        : Starts Clipboard
    Windows Logo+K        : Opens Keyboard Properties dialog box
    Windows Logo+I        : Opens Mouse Properties dialog box
    Windows Logo+A        : Starts Accessibility Options (if installed)
    Windows Logo+SPACEBAR    : Displays the list of Microsoft IntelliType shortcut keys
    Windows Logo+S        : Toggles CAPS LOCK on and off

Dialog box keyboard commands

    TAB                            : Move to the next control in the dialog box
    SHIFT+TAB                        : Move to the previous control in the dialog box
    SPACEBAR                        : If the current control is a button, this clicks the button. If the current control is a check box, this toggles the check box. If the current control is an option, this selects the option.
    ENTER                        : Equivalent to clicking the selected button (the button with the outline)
    ESC                            : Equivalent to clicking the Cancel button
    ALT+underlined letter in dialog box item        : Move to the corresponding item

*******************************************************************************
කියන්න වෙන දෙයක්නම් නැහැ ......... කැමතිනම්,,, දෙයක් ගත්තනම් ,,, පොඩියට කොමෙන්ටුවක් දාල යන්න .....

Friday, November 1, 2013

ඔයාගේ කොම්පිතරෙටත් ANDROID ගහමුද?.......( Android for your desktop )

ගොඩක් කාලෙකට පස්සේ තමයි blog එක පැත්තේ එන්න පුළුවන් උනේ. බ්ලොග් එකට ලියන්න තියා මෙලෝදෙයක් කරන්න හිතුනේ නැහැ මේ ටිකේ. එක එක අය අපේ ජීවිත වලට එනවා යනවා , සමහරු ලඟින් ඉන්නවා අපිට අමාරු කාලයක් ආවහම දාල යනවා. හැමෝම බලන්නේ තමන්ගේ වාසිය විතරයි........ පුදුම ලෝකයක් ........ තමන්ට වාසියක් තියෙනවනම් ඕනම දෙයක් කරයි....... අනේ මන්ද එහෙම වෙන්න අපිට බැරි ඇයි. පුදුමාකාර ජීවිත ......


හ්ම් ..... ඒවගෙන් වැඩක් නැහැ, අද මම පටන්ගන්න යන්නේ මම දන්නා දේවල් , මම අහන දේවල්, මම දැනගන්න දේවල් ඔයාලට දෙන ලිපි මාලාවක්. සමහරු දන්නා දේවලුත් ඇති , මම එච්චර වැඩකාරයෙක් නම් නෙවෙයි ඒත් මම දන්නා පොඩි දෙයින් හරි ඔයා දෙයක් ගන්නවනම් , දෙයක් ඉගෙනගන්නවානම් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව...



ANDROID........?  දැකලා පුරුදු කෙනෙක් නේද?? .... සමහරවිට ඔයාගේ ෆෝන් එකේ ,ටැබ්ලට් එකේ , නෝට් පෑඩ් එකේ තියෙනවා ඇත්තේ ANDROID .... කැමති නැද්ද ඔයාගේ Desktop Computer එකට ANDROID දාගන්න... ආසයි නේ....



මේක දන්නා අයත් ඇති නොදන්නා අය ඉගෙනගන්නවානම් ඒ ඇති. අපි වින්ඩෝස් 7 , 8 , linux, ubuntu මැෂින් එකේ දාල පාවිච්චි කරනවා වගේ android පාවිච්චි කරන්න පුළුවන් ,, පොඩි වැඩක් තියෙන්නේ මෙතන click කරලා එන වෙබ් සයිට් එකෙන් ඔයාට ඕනේ සංස්කරණය තෝරාගන්න ,, ඊටපස්සේ ඒක download කරන්න .




ඩිස්ක් image එකක් downlod වෙයි ,, එක cd එකකට රයිට් කරගෙන සාමාන්‍යයෙන් වින්ඩෝස් දානවා වගේ ඉන්ස්ටෝල් කරන්න පුළුවන්, මොකක්හරි ප්‍රශ්නයක් අවොත් කොමෙන්ටුවක් දාන්න.




මේක ඔයාගේ පෙන් එකට දාල පෙන් එකෙන් බූට් කරන්නත් පුළුවන් (වැරදියට හිතන්න එපා බූට් කරනවා කිව්වේ බූට් තියන එකට නෙවෙයි, මොකද,, බූට් තියන වැඩේට මම කෙල්ලෝ තරම් දක්ෂ නැහැ, මෙච්චර කාලෙකට කරලත් නැහැ). හැබැයි පෙන් එකෙන් බූට් කලොත්නම් මේක මෙලෝ රහක් නැති වෙනවා. මමනම් කියන්නේ cd එකකට ගහල එක ඉන්ස්ටෝල් කරන්න කියල,. .....
 


pen එකට හෝ chip එකට දාගන්න ක්‍රමය,


හරි එකත් කියල දෙන්නම්කො... මේකට පොඩි software කට්ටක් ඕනේ වෙනවා netbooting අහල පුරුදුයි වගේ නේද? .. ඔව් ඔව්.. ඒක තමයි... මේකෙන් ඕනෙම operating system එකක් පෙන් එකකට දාගෙන එකෙන් බූට් කරන්න පුළුවන්. android වලටනම් 1GB පෙන් එකක් තිබුනත් ඇති ....
netbooting මෙතන click කරලා බාගන්න......



 


ඒක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න









ඊටපස්සේ ඩිස්ක් එක සිලෙක්ට් කරලා පෙන් එක සෙලෙක්ට් කරන්න .... (උඩ තියෙන පින්තුර වල විදිහට කරන්න) start කරන්න ,,, පොඩ්ඩ වෙලාවක් ගනියි .. ඊට පස්සේ reboot කරන්න අහයි..... reboot කරලා boot menu එකෙන් පෙන් එක සෙලෙක්ට් කරන්න .... දැන් බූට් වෙයි බබා වගේ.......




Monday, September 30, 2013

ඉස්කෝලෙයි මමයි .1 .....( මනෝ ගැහීම)

කෑවත්, බීවත් , **වත් ඒවා බ්ලොගයේ ලියවෙන ලියන කාලෙක මගේ පාසල් අවධිය ගැන පොස්ටු දෙක තුනක් දැම්මාට මගේ පොස්ටු වලින් රෙදි ගැලවෙන මගේම සහෝදර පාසල් මිතුරන් තරහ නොවේ යැයි සිතමි.

6 වසරේ සිට,



            මම පුංචි පහේ ශිෂ්‍යත්වය සමත් ව *****ව  මධ්‍ය විද්‍යාලයට පලවෙනි දවසේ ගියේ තාත්තත් සමගය,, ඉස්කෝලේ මම හිටිය ප්‍රයිමරි ඉස්කෝලෙට වඩා පට්ට ලොකුය, මුළු ප්‍රයිමරියම අලුත් ඉස්කෝලේ පිට්ටනිය තරම් ය ,
              
                6 යේ පන්ති තිබුනේ පාසැල කෙලවරේ ය . උදේ පාන්දර එක්සයිස් ඕනෙම නැත, පන්තියට යන ටික හොඳටම ඇතිය. කොහොම හරි පන්තියට යන ටිකට මට දැනුනේ කොළඹ ඉඳන් වේයන්ගොඩ අවා වගේ ය . හොඳම වැඩේ උනේ පන්ති ගාවට ආවට පස්සේ ය, 6 යේ පන්ති තිබුනේ 3න් වෙනි තට්ටුවේය. අන්තිමේ මම පන්තියට ගියේ තාත්තගේ කරේ ය.

                පන්තියේ එච්චර කට්ටියක් හිටියේ නැත. හිටියේ කෙල්ලෝ තුන් හතර දෙනෙකුත් කොල්ලෝ හය හත් දෙනෙකුත් විතර ය. 


        මට මුලින්ම සෙට් උනේ කුකුළා ( පසු කාලීනව මුගේ ක්‍රියා කලාප නිසා වැටුන නමක්,, කෙලින්ම නම දාන එක හරි නැහැනේ) ය. අනිකා පෙත්තා ය. පෙත්තට වඩා කුකුළා බෙහෙවින් වෙනස් ය(කුකුලට කරමලක් ඇත පෙත්තට කරමලක් නැත). කුකුළා ආපු පලවෙනි දවසෙම කෙල්ලෙක් පස්සේ වැටුනේ ය. ඒ ගැන ඉඟි වැටුන මගේ පියා අවධාරණය කලේ මුව , අතේ දුරින් ආශ්‍රය කරන ලෙස ය. පසු කාලීනව කුඩ පහරවල්, සෙරප්පු පහරවල් වල පහස විඳීමට කුකුළා වාසනාවන්ත වූ බව මට මතකය.
කුකුළා


                        
                                ඔහොම කාලය ගෙවුනේ ය. එක එකා එක එක විධිහ ය. හැමෝම හිටියේ උන්ගේ ලෝක වල ය. පන්ති භාර *නෙල් මිස් හැම ගණන් පාඩමක දීම "තොපි මොන ලෝකෙද ඉන්නේ " කියා අහන්නේ අපගේ පුංචි පහේ සිත මැනවින් වටහාගත් නිසා ය. එතනිනුත් හොඳම මනෝ කාරයා "නිරාජ " යා ය( මුගේ නම කිව්වට අව්ලක් නැහැ ,, මු ආත්මෙට මේක කියවන්නේ නැහැ) . අනිකා මේ බ්ලොග් එක ලියන එකා ය. හැබැයි නිරාජයා එක්ක මනෝ ගහන්න එකෙට්ටවත් බැරි ය. උ ඒ තරම් මනෝ ඩයල් එකක් ය.                                    

කාර් එක වල දානකන් මයිකල් හාදයා මොන බම්බුවක්


                  අපේ සෙක්ෂන් එක ගාව කුඩා පස් කණ්ඩියක් තිබුනේ ය. එකල 6-7 ශ්‍රේණි වල උදැසන රැස්වීම තිබුනේ එම ස්ථානයේ ය .(දැන් එතන පුස්තකාලෙකුයි, තඩි ටොයිලට් එකකුයි හදල).

           නිරාජයා දවසක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඒ පස් කන්ඩිය යට ඇමරිකාවේ FBI ආයතන විසින් අති රහසිගත ලෙස Knight Rider කාර් එක වල දමා ඇති බව ය . අනිත් මනෝ කාරයෝ සෙට් එකත් එය එක හෙලා අනුමත කලේ එය කෙසේ හෝ සොයාගැනීමේ අභිප්‍රාය මතය. ඇමෙරිකාව විසින් ලංකාව ආක්‍රමණය කිරීමේ පළමු පියවර ලෙස එම සුපිරි කාරය අපේ ඉස්කෝලේ වල දැමු බවට ඌ වැඩි දුරටත් පැවසුවේය ය. කාර් එක වල දානකන් මයිකල් හාදයා මොන බම්බුවක් කලාදැයි මට තවම සිතාගත නොහැක, අනික එවැනි තර්කයක් ගොඩ නොනගන්නට තරම් නිරාජයාගේ බේගල් අපේ හිතට කාවැදී තිබුණි. අපේ මනෝ කාරයොත් මේ ගල් කෙප්ප පිළිගත්තේ හාමුදුරු කෙනෙක්ගෙන් බන අහනවා වගේය (මාත් එතන හිටියා, හිටියේ නැහැ වගේ ලියනවා :D )..... 

මතු සම්බන්දයි..
 

 තව තියෙනවා පස්සේ ලියනවා.. එන්න එන්නම යුනිකෝඩ් එක මට කින්ඩි දානවා වැඩියි. ඉස්සර වගේ නෙවෙයි.

Tuesday, September 17, 2013

හිත් දිනපොත (1),,,,,,,,,(2012-05-10 )

2012-05-10 දින හා බැඳේ ,



"දුක ,සතුට, තරහව ,වේදනාව , මේ හැම දේම පුදුමාකාර ය. විටෙක දුක නම් අන්ධකාරය මුළු සිතම වෙලාගන්නා විට කොහේදෝ සිට පැමිණෙන තාවකාලික සතුටක් ආලෝකයක් වී සිත තුල වූ අන්ධකාරය දුරු කරයි. එම ආලෝකයට එතරම් ආයුෂ නැත. එය මා තාවකාලිකයයි අර්ථකථනය කලේ එබැවිනි.

ජිවිතයද රාත්‍රිය වැනිය, එහි ඇත්තේ අන්ධකාරය මුසු මුසල බවකි . ඉඳහිට හෝ පෝදා සඳ, තරු පෑයුවද එහි ඇත්තේ ද කටුක බවක් පමණි.පෝදා  සඳෙන් ලැබෙන්නේ කුඩා ආලෝකයකි . එය ජිවිතයට ලැබෙන ආදරය වැනිය, සඳ මතුපිට පුරාම ඇත්තේ ආවාටය. ආවාට වලින් වටවූ කුඩා ආලෝකයකින් ජිවිතයට කෙසේ ස්ථිර වූ ආලෝකයක් සොයන්නද නොතේරේ. පෝදා සඳ එලිය ගස් මතට වැටුන විට විවිධ බියකරු රූප මැවේ. එලෙසම අදරයේද ගැබ්ව ඇත්තේ දුක , කටුක බව මිස අන් කිසිවක් නොවේ. සිතට දැනෙන්නා වූ නානාවිධ හැඟීම් වචන වලට පෙරලීමට මට නොතේරේ. නිශ්චිතවම කිව හැක්කේ සිත තුල පවතින්නේ සතුටක්නම් නොවන වගය. "


ෆුල් සීරියස් ලිව්වේ. හිතට එන සේරම ලියන්න ගියොත් මට මේකෙම එල්ලිලා ඉන්න වෙන්නේ .

SUDDA

Monday, September 16, 2013

ජනාධිපති මාමාට ලියමි (3)................( තවත් එක ආශ්චර්යයක්)

හැබැහින් නොදුටු TV එකෙන් දුටු ජනාධිපති මාමේ,




අපේ අයියට බන්දුල මාමගේ ආශ්චර්ය නිසා වැලේ වැල් නැති උන හැටි මම මාමාට මීට කලින් ලිව්වෙමි. ඒ හද පත්ලෙන්ම නැගුනු සහෝදරාලයෙනි ......ආ ,,,අමතක උනා .... තව අපේ ආශ්චර්යමත් බන්දුල මාමාගේ ගරු මෑණියන් ගැන උපන් අනුකම්පාවෙනි, නැත්නම් බන්දුල මාමාගේ ආශ්චර්යමත් ක්‍රියා නිසා ඇයට ළඟදීම අඹ සරණ වනවා නියතය.

ඒවා පරණ කථා ය . 2013 නම් කෙස් එකක් නැතැයි විභාගය ඉවර කල සැනින් නිවසට පැමිණි අපේ එකා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසී ය. 2011 දී ද ඌ  මෙවන් ප්‍රකාශයක්  කල බව මට මතකය. මෙදා පාරත් බන්දුල මාමාගේ ආශ්චර්ය කලින් වතාවේ මෙන් වැඩ කලොත් අපේ අයියා ගෙදර ඉන්නවා බොරු ය . තාත්තා ඌට අම්බානෙකට කෙලිනවා නොඅනුමාන ය. ප්‍රතිපල එන්න ට කලින් දිනයේම ආච්චිලගේ ගෙදර යාමට මම තීරණය කලේ බලවත් රටවල් යුද්ද කරද්දී පුංචි රටවල් වලට අත්වන ඉරණම මටද අත් කර ගැනීමට ඇති බලවත් අකමැත්ත නිසා ය. ප්‍රතිපල දැනගත්තට පසුව මිස, ඊට කලින් නම් ගෙදර නො එන බවට මම තරයේ සිතාගත්තෙමි .


ඉතිං මාමේ , මාමාට කොහොමද?. මම කොහොමද ඇහුවට හැමදාම මාමා TV එකෙන් අපිට කතන්දර කියන්නේ ය , ඒවා අසන අපේ රස නහර පිනා යන්නේ ය, කන කළු වන්නේ ය , සියලු ලෙඩ රෝග ධුරින්භුත වන්නේය.
 මම තාම පොඩි එකා ය, ඉතිං තවම නිදාගන්නේ අම්මගේ උකුලේ ය. අපේ තාත්තා ද news බලන්නේ ලොවේ හොඳම රෙදි හෝදන මැෂින් දෙකෙන් එකක ය . නිකමටවත් ඔලුව tv දාන්නේ නැත, ඉතිං තාත්තගේ news බලන ටයිම් එකට මම අම්මගේ උකුළේය, මාමලාහේ සුරංගනා කථා ඇහෙනකොට බඩගින්නේ හිටියත් බඩ පිරෙන්නේ ය , මාර සනීපෙට නින්ද යන්නේ ය.  රුපියල් දෙදහස් පන්සියෙන් මාසයක් කන අපි මාමලාගේ කථා වලින් හිත හදා ගන්නෙමු.

තාත්තගේ news බලන ටයිම් එකට මම අම්මගේ උකුළේය

තව දෙයක් මාමේ, මාමා තවම කොල්ලා වගේය, 30 කට අඩු මිසක් වැඩි බවක්නම් පේන්නෙම නැතිය. එත් මාමා චුට්ටක් වයස බව මුළු ලොවම දන්නේ ය, මේ ලඟක් වෙනකන් මම නොදත්තේය. 
අපේ තාත්තත් මාමාගේ වයසේම ය, ඒත් තාත්තගේ කොණ්ඩය තැනින් තැන සුදු ය. මැද තට්ටය ය. අපේ උන් ඒ ඉස්ටයිල් එකට කියන්නේ "වට කෙස් මැද හිස්" කියාය, අපේ ගමේ ගොඩාක් මාමලාගේ ත් කොණ්ඩය black & white ය.
වට කෙස් මැද හිස්

මාමේ, පුදුමෙට අපේ තාත්තගේ වගේ මාමා ගේ කොන්ඩේ සුදු නැත , රැව්ලත් සුදු නැත. ඒක මාර ය.
 අපේ අයියා කියන්නේ මාමාගේ පුටුවේ වාඩි උනාම කොන්ඩේ සුදු වෙන්නේ නැතැයි කියාය. ඒක මාමා වැඩිය ගණන් ගන්නට ඕනේ නැත, බන්දුල මාමාගේ ආශ්චර්ය වැඩ කරපු දවසේ ඉඳන් ම අයියාට මඥඥං ය, ඌ කෙලින්නෙම ෂෝට් ය . මාමගේ තිරිහන් වීමේ ආශ්චර්ය මට මාර ප්‍රශ්නයක් ය. ඒ තියා අපේ අයියා කරයගේත් කොන්ඩේ තැනින් තැන පැහිලා ය. ඌ නාකි වෙන්නේ අකලට බව අයියගේ රට බඩු කෑල්ල අවධාරණය කරනවා මම දිනක් අසාගෙන ය .
 මේවා දිහා බලද්දී මාමාගේ කොණ්ඩය ආසියාවේ තවත් එක ආශ්චර්යයක් ය.
 මීට ,       
SUDDA

Friday, September 13, 2013

ඔයත් හිතුවේ මම හිතපු දේම ද?................( ගොඩක් බය හිතෙනවා )

ඕන ඔට්ටුවක් දානවා ,, ඔයා හිතුවේ මම හිතුව දේමයි .....

අනිත් එක තමයි මේකට ගොඩාක් බය හිතෙනවා , මගේ යාළුවෙක් මේක කරලා බලල බය වෙලා ටික දවසකට පස්සේ තමයි වචනයක් හරි කතා කෙරුවේ ,,,

මේකට පියවර තුනක් තියෙනවා

1ඉංග්‍රීසි D අකුරෙන් පටන් ගන්න රටක නමක් හිතාගන්න  
2දැන් ඒ රටේ දෙවැනි අකුරින් එන සතෙක් හිතාගන්න (ඉංග්‍රීසි අකුරු )
3දැන් ඒ සතාගේ පාට මොකද්ද කියල බලන්න
                                                                  ඔයාට ආපු උත්තරේ


[
[
[
[
[
[
[
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
:P
රට -: denmark
සතා -: අලියා (Elephant)
පාට -: කළු


මම හරි නේද ????








Wednesday, September 4, 2013

මම ගඟට පැනල මැරෙනවා ..........


අළුත් මෝටර් බයික් එකක් ගත්තු කොල්ලෙක් තරුණ ජවයත් හිතට අරගෙන හිටු කියල යනවලු. ගඟක් උඩ ලොකු පාලමක් ගාවදි මෙයා දැක්කලු ලස්සන කෙල්ලෙක් පාලමේ ඇන්ද උඩට නැගල පහල ගඟ දිහා බලාගෙන ඉන්නවා.





මෙයා හින්දි චිත්‍රපටියක නළුව වගේ වැඩ දාල බයික් එක නතර කලාලු. ‍කව් බෝයි අස්සයගෙන් බහිනව වගේ හැඩ දාල බැස්සලු. දකුණු අතින් කොණ්ඩෙ පස්සට දාන ගමන් අර කෙල්ල දිහාට ගියාලු.

ඔයා මොනවද මෙතන මේ කරන්නෙ?"

කෙල්ලත් බොඳ උන ඇස් දෙකින් කොල්ල දිහා බැලුවලු.

"මම ගඟට පැනල මැරෙනව අයියා..."

කොල්ලට බබා වෙන්න ඕන උනේ නෑලු. හැබැයි චාන්ස් එක මිස් කරගන්නත් බෑ වගේලු.

"මට තේරෙණව නංගි. මැරෙන එක ඔයාගෙ අයිතියනේ. ඒ උනාට මැරෙන්න කලින් මට එකම එක කිස් එකක් දෙන්න..."





කෙල්ලත් පැනල ඇවිත් කොල්ලව බදාගෙන විනාඩි තුන හතරක්ම කිස් කලාලු. කොල්ලට නිකං කරකවල අතෑරිය වගේලු.

"ෂා... නංගී... ඒක තමා මගෙ ජීවිතේ හොඳම කිස් එක. ඔයා මාර ටැලන්ට් කෙල්ලක්නෙ නංගි. ඔයාට හොඳ අනාගතයක් තියෙනවනේ. ඇයි මේ දිවි නහගන්න යන්නේ..."

"මං දන්නව අයියා... ඒ උනාට අපේ අම්මල කැමති නෑනෙ මං කෙල්ලෙක් වගේ ඇඳුම් අඳින එකට."

කොල්ලා පැන්නලු පාලමෙන් ගඟට!
 
 
 
                                                                            මේක මම උස්සපු එකක් ,, එළකිරියේ තිබුනේ 
                                                                            

ඔබගේ අඩු වූ ඉන්ටෙර්නෙට් Speed එක සුළු මුදලකින් වැඩි කරගමු




                        ඩොන්ගල් පාවිච්චි කරලා ඉන්ටනෙට් යන අය මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් තමයි සිග්නල් නැති වෙන එක , සමහර වෙලාවට බේතකටවත් සිග්නල් කට්ටක් හොයාගන්න අමාරුයි , වැස්ස වෙලාවට වගේ ඩව්න්ලෝඩ්  කරනවා කියන්නේ වහ කනවා වගේ ,

                      ඉතිං මේකට විසඳුම් විදිහට එක එක්කෙනා එක එක දේවල් කරනවා, සමහරු Antena එකක් use කරනවා , එතකොටනම් සිග්නල් තියෙනවා පැලෙන්න , එත් antena port නැති ඩොන්ගල් තියෙන යට හුලං ... සමහරු දිග USB Cable එකක් අරන් එලියට දාල එකට ඩොන්ගලයා සෙට් කරනවා ,, වැස්ස වෙලාවට නම් එක එච්චර සුභ දායක නැහැ ( තෙමිච්ච කුකුළා = ඔයාගේ ඩොන්ගල් එක ) ....
                          සමහරු අඩුමගානේ serfing වත් speed වෙන්න කියල DNS server වලට සම්බන්ද කරනවා . තව සමහරු ගෙදරදීම හදාගත් කැන්ටනා (CANTENA) use කරනවා cantena එකක් හදන විදිහ තමා මේ තියෙන්නේ 

මේ වගේ නානාප්‍රකාර වැඩ කරලා හරි හදන්නේ නෙට් එක speed කරගන්නනෙ ,,

                                   ආ තව සමහරු Download වෙලා ඉවර වෙනකන් වැඳගෙන ඉන්නවා ,.....තව වැඩ ගොඩක් කරනවා මට දැන් සේරම මතක නැහැ ..........
                                     
                                     ඉතිං දැන් මම කියල දෙන්න යන්නේ 100% ක් ම සාර්ථක ක්‍රමයක් . හැබැයි මේකට පොඩි ගානක් වියදම් වෙනවා . කරන්න ඕනේ දේවල් පිළිවෙලින් පහත දැක්වෙනවා ...


  1. අවශ්‍ය දෑ -: 1.පරිගණකයක්
                            2.ඩොන්ගලයක් (speed එකේ ප්‍රශ්නයක් නැහැ ,මොකක් උනත් වැඩේට සෙට් වෙනවා )
                            

මෙන්න මෙච්චරයි ඕනේ ,,,අ.... අමතක උනා තව රු 115 ඕනේ ,, 

මුලින්ම පරිගණකය ඔන් කරන්න , ,, ඊ ට පස්සේ ඩොන්ගලයා connect කරන්න ,,,,,,ඉන් පසු internet වලට conect කරන්න ,,,,,,,, signal තත්වය පරීක්ශා කරන්න ,,,, speed අඩුනම් ,,,,,
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
$
අතේ තියෙන රු 115 ගෙන ලඟම ඇති කඩයට යන්න ,,
කඩේ මුදලාලිගෙන් Munchee kome පැකට්ටුවක් මිලදී ගන්න ,,(Munchee ම කියා ඉල්ලන්න අමතක කරන්න එපා )


$
$
$
$
$
$
$
$
$
$

$ඉන්පසු මිලදීගත් Munchee Kome පැකට්ටුව ඩොන්ගලය අසලින් තබන්න 
සිග්නල් වැඩි වන අයුරු මැවි මැවී පෙනෙනවා ඇත.

"Munchee kome life එක connect කලා"


මෙය මුදල්ගෙවා ප්‍රචාරය කරන ලද්දක් බව හීනෙකින්වත් නොසිතන්න .


දත කට මැදගෙන , දහසක් බලාපොරොත්තු සිත දරාගෙන , තම internet conection එක speed කරගන්න බලාපොරොත්තුවෙන් මෙම පොස්ටුව කියවූ හුදී ජනයාට ඇට්ටරයාගේ බලවත් කණගාටුව. 

Tuesday, September 3, 2013

Megapixel නැති වලට terapixel පණ්ඩිතයා ලු .

එකක් යනකොට එකක් ,
 එකත් ටික කාලයයි ඊටත් වඩාහොඳ එකක් තව ටිකක් කල් යනකොට ,
                                     
                                     තාක්ෂනය දියුණු වෙන්නේ මාර ඉක්මනට , අපි ඉස්සර පොටෝ ගැහුවේ ෆිල්ම් රෝල් එකක් දාල , ටැක්ටරයක් ස්ටාට් කරන්න වගේ කෑල්ලක් කරකෝල ෆෝකස් කරගෙන, තව කෑල්ලක් අඹරල රිවයින් කරගෙන මාරම ගේමක් දීල , ඒ කරලත් ෆොටෝ එකක් හොඳම තත්වයේ තියෙන්නේ කලාතුරකින් , ඊට පස්සේ කල් යනකොට ඔටෝ ෆෝකස් , ඔටෝ රිවයින් , ඔප්ටිකල් සුම් , මේ වගේ එක එක කැමරා වර්ග ආවා , ඊටත් පස්සේ ෆෝන් එකේ පොඩි vga කැමරාවක් එල්ලලා ආවා. මේ වගේ කැමරාවත් කාලෙට හරියන විදිහට තාක්ශනේ දියුණු වෙන ව්දිහට දියුණු උනා ,,, දැන් අපි පාවිච්චි කරන්නේ megapixel කැමරා ,, (ඊට වඩා දැනගෙන හිටියෙනම් නැහැ )


                                         අද ටිකක් හොල්මන් වෙන artical එකක්  බ්ලොග් එකක තියෙනවා දැක්ක . අපි මෙච්චර කල් ෆෝන් එකෙන් හරි කැමරාවකින් හරි ෆොටෝ එකක් ගත්තේ මෙගා පික්සල් වලින් නේ , එත් මේක ටිකක් අමුතුයි ,, මේ තියෙන්නේ ටෙරා පික්සල් ෆොටෝ එකක්ලු . ටෙරා පික්සල් වලින් ගත්තු පලවෙනි පොටෝ එක මේකලු ,, 

මේ පෝස්ට් එකේ  කෙලින්ම පේන්න දාන්න බැහැ එක නිසා  මෙතන click කරලා ගිහින් බලන්න ,, 

කොමෙන්ටුවකුත් දාන්න ,, නැත්තන් හරි නැහැනේ ,

Sunday, September 1, 2013

බ්ලොග් කරුවෝද මනුෂ්‍යයෝය ...(BLOGGERS ARE HUMAN BEINGS)


අදාළ අයට වදිනවා ඇත , ඇනෙනවා ඇත , කරන්නට ඇත්තේ පහන් සිතින් කියවීම පමණි.


මම ළඟදී දවසක බන්ධනාගාරය ලගින් ගියේ යාලුවෙක්ගෙ ගෙදර යන අතරමග ය , බන්ධනාගාරයේ තාප්පේ ගහල තිබුනේ " සිරකරුවොද මනුෂ්‍යයෝ ය " කියල ය . වැඩේ ඇත්තය . වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් බව මම අසා ඇත. තාප්පයේ තියෙන්නේද එම අදහසමද යන්න මා තුල අදහසක් නැත. සමහර විට වැරදිකරුවන් සමාජගත කිරීමේදී එම වැකිය නිර්ණායකයක් වනවා ඇත .


මේ පොස්ට් එකේ කථා කරන්නේ වැරදි කරුවන් ගැන නොවේ.අද කථා කරන්නේ තාප්පයේ තිබුණ වචන සැට් එක ලාංකීය සිංහල බ්ලොග් කරුවා ටද අදාල වන එක ගැනය.

බ්ලොගයේ ඉන්න ගොඩක් සිංහල බ්ලොග් කාරයෝ සමාජ විෂමතා , කාලීන ,දේශපාලනික වැනි සමාජීය විෂයන් කෙරෙහි පොස්ට් ලිවීමට වැඩි ප්‍රවනතාවයක් දක්වයි. ආතල් දෙන්න JOKE පොස්ට් ලියන එකා උනත් තමන්ට හැකි අයුරින් ඒ joke අතර සමාජීය කරුණු වලටද ඉඩක් දෙන්නේ එක පොස්ටුවක් හරි සමාජයට වැදගත් වන නිසාය , සමහර විට ඌ දක්ෂ ලේඛකයෙකු නොවනවා විය හැක (මම වගේ ) . එත් අනිත් උන් නොකරන දෙයකින් ඌ සමාජය ඇසුරු කිරීමට උත්සහ කරයි.


එය බ්ලොග් කරුවාගේ මනුෂ්‍යත්වයයි . සිනහවට, කඳුලට, වින්දනයට පොස්ට් ලියනවා මෙන්ම සමාජ විෂමතාවයට , මර්ධනයට , විෂම දේශපාලනයට ද එරෙහිව තම යතුරු පුවරුව අතට ගැනීම තම සයිට් එකට trafic වැඩි කරගන්නවත් , like වැඩි කරගන්නවත් , ලොකු පුටු වල ඉන්න උන්ගේ ආතල් කුඩු කිරීමටවත් නොව , මනුෂ්‍යත්වය වෙනුවෙන් ලිවීමට ය.

 

"බ්ලොග් කරුවාගේ සයිබරයේ මනුෂ්‍යත්වයයි."

ඒ ලියන ඒවා කියවන විට කසනවානම් , ඇනෙනවානම් ශේප් එකේ පැත්තකට ගොස් කසාගන්නා එක වෙනම එකකි. කහනෝ...කහනෝ , මුන්  මට අරිනෝ , මුන් JVP කාරයෝ, මුන් UNP කාරයෝ කියා සමස්ථ සිංහල බ්ලොග් කරුවන්ට දෝෂාරෝපණය කරමින් තැන තැන කියවීම තවත් එකකි.

සිංහල බ්ලොග් කරුවට ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ JVP හෝ UNP වාදී හඬ නගන බවය , රිදෙන්න ඕන අයට රිදෙනවානම් , දැනෙන්න ඕනේ අයට දැනෙනවානම් , විඳින්න ඕනේ අය විඳිනවනම් මගේ මතය සිංහල බ්ලොග් කරුවා අති සාර්ථක බව ය.
එසේ බැලුවහොත් රිදිච්ච උන් කෑගහන පාරක් පාරක් ගැනේ සමාජගත වන්නේ සිංහල බ්ලොග් කරුවාගේ , නැතිනම් කෑගහන එකාට රිදෙන්න ලිව්ව එකාගේ සාර්ථකත්වයයි.

අන්තිමට මතක් කර දිය යුත්තේ සැම දෙයක් දෙසම මැදිහත් සිතින් බලන ලෙසය, අන්තවාදී දේශපාලනික මතවාදයන් බ්ලොග් කරුවා තුල නැත්තේය (බොහෝ ) .සැම කෙනෙක්ම එකම කෝණයෙන් සමාජය දෙස බලන්නේ නැත. සමහර විට උක්ත බ්ලොග් කරුවා හෝ එම පිටපත සකස් කරන තැනැත්තා දකින කෝණය අනුව එම බ්ලොගය ලියවෙන්නට පුළුවන්. තමා නිවැරදිනම් එම බ්ලොග් කරුවත් සමග බුද්ධිමත් සංවාදයක් ගොඩනගාගෙන ගැටලුව විසදගන්නවා මිස , එම බ්ලොග්කරුවගෙන් ගේම ඉල්ලීමෙන් කිසිදි ජයග්‍රහණයක් අත් වන්නේ නැත. කරුණාකර සිංහල බ්ලොග් කරුවාට දේශපාලනික හංවඩු ගැසීමෙන් වලකින්න.


"බ්ලොග් කරුවෝද මනුෂ්‍යයෝ "
වන නිසා ය.

                                                                      පිටපත ,
                                                                                    (SUDDA )විසිනි

Thursday, August 29, 2013

ඇට්ටරයා ...........................





ඇත්තටම " ගමේ පොට් එක " බ්ලොග් එක පටන් ගන්නකොට වෙන හොඳ කිසිම නමක් ගැන අදහසක් තිබුනේ නැහැ . එත් දැන්නම් හොඳ නමක් හම්බුනා ......මීට ටික කාලෙකට කලින් මාත් මගේ යාලුවෝ කීපදෙනෙකුත් එකතු වෙලා Video Creation එකක් පටන්ගත්ත ගනේමුල්ල පැත්තේ . ඒත් වැඩේ නැගල ගියේ නැහැ අපි රැකියා විරහිත තුන්වෙනි පාංතික තරුණයෝ නිසා. එකේ නම ATTARA CREATION (ඇට්ටර ) , අට්ටරයෝ ටික දවසකින් dal වෙලාම ගියා . දැන්නම් අනිත් උන් ඉන්න තැනක්වත් දන්නේ නැහැ .

ඉතිං මම තීරණය කලා මගේ blog එකටත් ATTARAYA ( ඇට්ටරයා ) කියල නම දාන්න . මගේ උගත් මිත්‍රයෝ කිහිපදෙනා නම් විරුද්ධ වෙන එකක් නැහැ . අනිත් එක මේ ලඟදි දවසක facebook ඉන්න මගේ යාළුවෙක් ලින්ක් එකක් දැකල , ඌ ගම්පහදී හම්බවෙලා මගෙන් ඇහුව උඹේ බ්ලොග් එක " කසියා පොට් "එකක්ද  නැත්තන් " *ඩු පොට් එකක්ද කියල " . එක එකාගෙන් කථා අහනවට වඩා හොඳයි පුරුදු විධිහට "ඇට්ටරය " කියල අහගන්න එක .




Wednesday, August 28, 2013

නැති වෙන්න හොර කරමු (GTA IV cheat ගහන හැටි )



අදනම් කියන්න යන්නේ ගොඩක් අය දන්නා ගේම් එකක් ගැන Grand theft auto IV . ගේම් එක ගැන reviwe එකක් දෙන්න නෙවෙයි හදන්නේ , ගොඩක් ගේම් එක ගහන්න හදන යට තියෙන ගැටලුවක් තමයි cheat භාවිතා කරන්නේ කොහොමද කියන එක .





මීට කලින් GTA ගේම් වල කෙලින්ම ගේම් එක ගහන ගමන් cheat ඇතුලත් කරගන්න පුළුවන්කම ලබාදී තිබුණා . එහෙත් GTA IV තුල එය යම් තාක් දුරකට සංකීර්ණ කරලා තියෙනවා . මේකේ ප්‍රධාන චරිතේ Niko කියන මැරයෙක් . අපි චිට් එක ඇතුලත් කරන්න ඕනේ මිනිහගේ Phone එකට . මිනිහගේ ෆොන් එක ගන්න ඕනෙනම් up arrow key එක ඔබන්න ඔනේ . එතකොට එනවා අංග සම්පුර්ණ ෆෝන් එකක් , ගේම් එකේ කියල නැහැ පට්ටටම හදල තියෙනවා Phone book , messages , call ඊට අමතරව cheat කියන options ආ තව video editor එකකුත් තියෙනවා . මිනිහ කෑලි ටෝක් කරන්නෙත් මේ ෆෝන් එකෙන් . පට්ට නේ . 
මේ phone එකේ තමයි cheat ගහන්න ඕනේ , එකට up arrowkey  එක දෙපාරක් press කලාම හරි ,එතකොට එන්නේ phone එකේ dial pad එක එකේ cheat enter කරන්න ඕනේ , මීට කලින් තිබුණා gta games වල තිබුනේ අකුරු type කරන්න , හැබැයි මේ game එකේ තියෙන්නේ phone numbers , ඉස්සල්ල game වගේ ගොඩාක් cheat නැහැ , cheat කිහිපයයි තියෙන්නේ . අනිත් එක තමා cheat ගමේ එක පටන් ගත්තු ගමන්ම ගහන්න බැහැ පලවෙනි මිෂන් එක ඉවර කරන්නම ඕනේ cheat ගහන්න නම් , පහල තියෙන්නේ cheat ටික

     Change weather                    468-555-0100
    Get a different selection of weapons            486-555-0150
    Get a selection of weapons                486-555-0100
    Raise wanted level                    267-555-0150
    Remove wanted level                    267-555-0100
    Restore armour                    362-555-0100
    Restore health, armor, and ammo            482-555-0100
    Song information                    948-555-0100
    Spawn a Cognoscenti                    227-555-0142
    Spawn a Comet                    227-555-0175
    Spawn a Jetmax                    938-555-0100
    Spawn a Sanchez                    625-555-0150
    Spawn a SuperGT                    227-555-0168
    Spawn a Turismo                    227-555-0147
    Spawn an Annihiliator                359-555-0100
    Spawn an FIB Buffalo                    227-555-0100
    Spawn an NRG-900                    625-555-0100

cheat පොඩ්ඩ උනාට පට්ටම cheat ටිකක් තියෙන්නේ එක සැරයක් cheat එකක් ගැහුවට පස්සේ අපහු cheat ගහ ගහ ඉන්න ඕනේ නැහැ , phone එකට up key එක ඔබල ඊට පස්සේ enter ඔබල phone menu එකට යන්න එකේ අන්තිමට ඇති cheat කියල , එක enter කරන්න එතන අපි ගහපු cheat සවේ වෙනවා .




game එක ගැනනම් කියල වැඩක් නැහැ පට්ටම game එකක් , මේකේ ඊළඟ game එක , ඒ කියන්නේ GTA V එක සැප්තැම්බර් 17 වෙනිදා එළිදක්වනවලු , එකේ trailer එකේ හැටියටනම් සුපිරිම game එකක් , ගොඩක් වෙනස්කමුත් තියෙනවලු ,

 


                                                                                                       (SUDDA)