Tuesday, September 17, 2013

හිත් දිනපොත (1),,,,,,,,,(2012-05-10 )

2012-05-10 දින හා බැඳේ ,



"දුක ,සතුට, තරහව ,වේදනාව , මේ හැම දේම පුදුමාකාර ය. විටෙක දුක නම් අන්ධකාරය මුළු සිතම වෙලාගන්නා විට කොහේදෝ සිට පැමිණෙන තාවකාලික සතුටක් ආලෝකයක් වී සිත තුල වූ අන්ධකාරය දුරු කරයි. එම ආලෝකයට එතරම් ආයුෂ නැත. එය මා තාවකාලිකයයි අර්ථකථනය කලේ එබැවිනි.

ජිවිතයද රාත්‍රිය වැනිය, එහි ඇත්තේ අන්ධකාරය මුසු මුසල බවකි . ඉඳහිට හෝ පෝදා සඳ, තරු පෑයුවද එහි ඇත්තේ ද කටුක බවක් පමණි.පෝදා  සඳෙන් ලැබෙන්නේ කුඩා ආලෝකයකි . එය ජිවිතයට ලැබෙන ආදරය වැනිය, සඳ මතුපිට පුරාම ඇත්තේ ආවාටය. ආවාට වලින් වටවූ කුඩා ආලෝකයකින් ජිවිතයට කෙසේ ස්ථිර වූ ආලෝකයක් සොයන්නද නොතේරේ. පෝදා සඳ එලිය ගස් මතට වැටුන විට විවිධ බියකරු රූප මැවේ. එලෙසම අදරයේද ගැබ්ව ඇත්තේ දුක , කටුක බව මිස අන් කිසිවක් නොවේ. සිතට දැනෙන්නා වූ නානාවිධ හැඟීම් වචන වලට පෙරලීමට මට නොතේරේ. නිශ්චිතවම කිව හැක්කේ සිත තුල පවතින්නේ සතුටක්නම් නොවන වගය. "


ෆුල් සීරියස් ලිව්වේ. හිතට එන සේරම ලියන්න ගියොත් මට මේකෙම එල්ලිලා ඉන්න වෙන්නේ .

SUDDA

No comments:

Post a Comment