Saturday, January 4, 2014

සුපිරිම වැල කතාවක් .... 18+


ඉතා කෙටි කලක් යටපත්වෙලා හිටිය දුලා දැන් ඔන්න ආයෙත් ඇවිල්ලාය!ආවේ නිකන් නොවේය. සිංහල සාහිත්‍යා ක්ශේත්‍රය වෙනස් කරන ජාතියේ අලුත්ම වැල කතන්දරයක්ද අරගෙනය.සිංහල වැල කතා ඉතාම පහළ මට්ටමේ තිබෙන්නක්ය.වැල අඩවි හිමිකරුවෝත් මේවා අනුගමනය කරනවා නම් හොඳය.ආගිය කතා පසුවට කල් දමා කතාවට යොමු වෙමි!තව එකක් කියන්නට තිබේය.පොඩි එවුන්ට වැල කතා කියවන්නට හොඳ නැතිය.ඒක නිසා උන් මේක කියවන එක නතර කරන එක ශරීර සෞඛ්*යට හොඳය.

මේ සිද්ධිය සිද්ද වුනේ දුලා ඕ ලෙවල් කරලා රිසල්ට්ස් එනකන් ඉන්න කාලයේය.ඒ කාලය උපරිම විනෝදෙන් ගතකරන්නට දුලා ප්‍රමුඛ මිතුරු කැල අමතක කළේ නැතිය.අපි මුලින්ම අපේ සෙට් එකේ මයිකල්ගේ ගෙදර ටික දවසක් ගත කරල එන්න තීරණය කලාය.මයිකල් කිව්වාට උගේ නම යසිත්ය.උට මයිකල් යන නම හැදුනු කතන්දරය මෙතනදී කිව්වොත් උගේ චරිතය ඝාතනය වෙනවාය. ඒක නිසා ඒ කතාව ඕනෑ නැතිය.ඌ අපේ සෙට් එකේ දුරින්ම ගෙවල් තිබ්බ කෙනා නිසා එහේ යාමට හිතුවෙමු.

මයිකල්ගේ ගෙදර උදවිය අපිව ඉහළින්ම පිළිගත්තෝය.ඒත් ගිරිඋල්ලේ උන්ලහ නිවාඩුව ගත කරන්නට ආවාට ඒ පැත්තේ බලන්නට යැයි කියලා එහෙමට දෙයක් නොතිබුනේය.දවස් තුනකට විතර පස්සේ ටිකක් දුර ගමනක් යන්නට මයිකලා යෝජනා කරේය.ඒ උන්ලාගේ ගෙදරට ටිකක් ඈතින් පිහිටි විජයසුන්දරාරාම රජ මහා විහාරය වැඳපුදාගෙන එන්නටය.ඒත් අර පිස්සු රජෙකුට වගේ රජමහා විහාර වන්දනා පිස්සුවක් දුලාට තිබ්බේ නැතිය.දුලාට ගමේ පන්සල හොඳටම ප්‍රමාණවත්ය.ඒක නිසා මට ඇඟපතේ අමාරුවක් තිබේ යැයි කියා මයිකලාගේ ගෙදර නැවතුනෙමිය.මයිකලාගේ නෑදෑයෙකුගේ ගෙදර තිබ්බ දානයකට සහභාගී වෙන්නට ඊට කලින් දිනම මයිකලාගේ මව් පිය පාර්සවය ගෙදරින් පිටත්ව ගොස් තිබුනේය.

උදේ 10ය විතර වෙනකනුත් දුලා සාලයට වී පත්තරයක් කියවමින් සිටියේය.සිද්ධිය සිදුවුනේ ඔය මොහොතේය.මයිකලාගේ ගෙදර හිටියේ බොරුවට නැවතුනු දුලා පමණක් නොවේය.මයිකලාගේ අක්කාද සිටියාය.අක්කාත් ඇහැට කණට පෙනෙන්නට හිටිය කෙනෙක් නිසා ආ දවසේ සිටම දුලාගේ අවධානය දිනා ගැනීමට ඇය සමත්වුනාය.

දුලා ඔය ක්ෂේත්‍රයට නැති එකෙක්ය.ඒක නිසා දුලාට පත්තරය අස්සෙන් ඒ වෙලාවෙ නාගෙන කාමරයට පැමිණෙන අක්කගේ රුව පෙනුනේ නැතිය.

"මල්ලියෝ පොඩ්ඩක් මෙහාට එන්නකෝ"
"අ අක්කෙ ම මං මේ පත්තරයක් කියව කියව ඉන්නේ."
"හරි හරි ළමයො මං ඔයාව ගිලින්නේ නෑ.මෙහාට එන්නේකෝ"

ඒ මියුරු හඬ නැගුණේ කුස්සිය දෙසින්ය.දුලා ඒ දෙසට පිය නැගුවේය.අමුතුම සුවඳකින් දුලාගේ ගත වෙලා ගන්නාක් මෙන් දැනුණෙය.

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

|
| 
| 
| 
| 
|







"ආ මෙන්න මල්ලි අල්ලපු ගෙදරින් දුන්නේ..."
එහි තිබුණෙ කහ පැහැයෙන් බබලන,අලුත්ම වැල මදුළු පිඟානකි. 





එදා අරුන් තුන් දෙනා එනකන්ම මම වැල කෑවෙමි.මයිකලාත් වැල කෑමේ රුසියෙකු වුනු නිසා ඌට ඉතුරු නොකිරීම පිළිබඳව මට බැනුම් අසන්නටද සිදුවිය.
නිමි




********************************************************************************
අයිතිකාරයා කව්ද කියලනම් දන්නේ නැහැ ,, වගකීමෙන් කිව්වහැකි මම නෙවෙයි ලිව්වේ...
වැල කථා බලන්න ආපු අයට ශාතිෂය සංවේගය.....

No comments:

Post a Comment