කථාව ඇත්ත වගේ....
කොහොමින් කොහොමහරි ඇට්ටරය මේ ටිකේ හිටියේ ගෑණි මැරිල වගේ... මෙලෝ රහක් නැහැ ... බ්ලොග් එක පැත්ත පළාතේ ආවේ නැහැ. ඒ අස්සේ ගෙවල් ළඟ එකෙක් DDR 1 machine එකක් ගෙනල්ල දැම්ම හදල දියන් කියල... අලි මදිවට කොටි.... එක ලෙඩක් ඉවර වෙනකොට තව ලෙඩක්... මෙව්වා යවන්න ඕනේ කටුගෙට .....එපා වෙලා ඉන්නේ......
තව ඇට්ටරයගේ මල්ලි බයික් එකෙන් කාර් එකක ඩිකිය හයියද කියල බලන්න ගිහින්..... කාර් එක අයිති බුවාට ඩිකිය ඇද ඇරලා දෙන්නත් උනා.. කාර් එක නිකන් පපඩම වගේ... ගරාජ් එකේ එකාව අඳුනන නිසා හොඳයි.... නැත්තන් කොරල හමාරයි..... . එකක් ඉවර වෙනකොට තව එකක් ,, තව මොනවා වෙයිද දන්නේ නැහැ.... අපලයක්ද කොහෙද..... වෙලාවවත් බලවගන්න ඕන.............වෙලාව අන්තිමේටම නරක වෙලා මයෙ හිතේ.... .... මෙහෙම ගොඩක් දේවල් උනා මේ කාලසීමාව අතර ....
ඇට්ටරය ලඟදි අලුත් වැඩක් පටන්ගත්තා ... ඇට්ටරය එක්ක "ඇට්ටර central college" එකේ හිටපු උන්ට මඩ ගහන එක තමා අලුත් වැඩේ ... මුණු පොත හරහා ඇට්ටරයගෙ original account එකෙන් තමයි මේක කරන්නෙ.. ... මරු වැඩේ 1st ෂයි A/L ෆේල් උණ මගෙ උගත් මිත්‍රයන්ගෙන් හොඳ උණුසුම් ප්‍රතිචාර හම්බවෙනව මේ වැඩේට ... හැබැයි ඉතින් සමහරුනම් මේක ගොඩාක් පෞද්ගලිකව අරගෙන .... ඉතින් මම තීරණය කළා මේ මඩ ක්‍රියාන්විතය විහිළු දන්න මගෙ උගත් මිත්‍රයින්ට විතරක් දියත් කරන්න....
බලමු .....................................
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ඇවිත් දෙන්න යන්නෙ හැමෝම........... බලාගෙන............... බලාගෙන ..............බලාගෙන............... හිටපු දෙයක්.. ගොඩාක් onboard vga තියෙන කොම්පිතර් තියෙන අයට ගැටලුවක් තමයි මලාට හරියට ගේම් එකක් ගහන්න බැහැ .... කොහොමහරි දනි පනි ගාගෙන ගැහුවත් ඕනෙම තැන වලදී හිර වෙනව ... ආපහු හරියද්දි වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි... කාර් රේස් එකක් එහෙම ගහනකොට හරියටම වංගුවක් ගද්දි හිර වෙනව ... ආපහු හරියද්දි ඉතින් කියන්න ඕනේ නැහැනෙ :P . මටත් අනේ වාසනාවන් කියල ඒ අත්දැකීම විඳින්න දැන් අවස්ථාව උදාවෙලා තියෙනව......
මේකට විසඳුමක් තියෙද කියල හොයල බලද්දී තමයි මට මේක හම්බුනේ...... :) මම මේක හොයාගන්න ගොඩාක් මහන්සි උණා ... සමහර අය මේක හොයාගන්න ගොඩක් උදව් කළා මට... ඉතිං අපි වැඩේට බහිමු...මේ ඔන්බෝර්ඩ් VGA වල තියෙන අවුල තමා.. ගේම් ගහන්න පුළුවන් උනත් හිර වෙන්නේ නැතුව ගහන්න බැරි එක... ගොඩාක් හොඳ onboard vga ත් තියෙනව.. ඒ අයට ඉතිං මේ ලිපිය වැදගත් වෙන්නේ නැති වෙයි... මේකට විසඳුම..
කීයක්හරි දීලා අලුත් VGA එකක් ගහගන්න.... :P වෙන්නම් විදිහක් නැහැ ..... ....
(onboard vga එකෙන් ගේම් ගහන්න බලාගෙන හිටපු මගේ සහෘදයන්ට මගේ බලවත් කණගාටුව.... )



No comments:
Post a Comment