Thursday, November 7, 2013
ෆුල් ෆේස් හෙල්මට් තහනම් .....??? Full face Helmet-Banned????
ෆුල් ෆේස් හෙල්මට් තහනම් .....??? එහෙනම් මුස්ලිම් ගෑනු අඳින බුර්කාවත් තහනම් කරපියවූ...
තොපි ඒක කරන්නේ නැහැ ,, රෙද්දේ ආගමික සහජිවනේ.. දුප්පත් මිනිහගේ හෙල්මට් එකටත් කෙලිනව....
යකෝ හැම මිනිහම ෆුල් ෆේස් ගන්නේ හොරකමේ යන්නවත්, අවලමේ යන්නවත් නෙවෙයි ,, දුවිල්ලේ byk එකක යනකොට ,, නැත්තනම් ගිනි කාෂ්ටක අව්වේ බයික් එකක යනකොට දැනෙන ආතල් එක අඩු කරගන්න, මේක හරි ආතල් රටක්නේ ඕයි.. , කොහෙද ඉතින් ඔය නීති හදන ගස් බල්ලන්ට ඕව තේරෙනව යැ... උන් යන්නේ AC වාහන වල ... නීති හදන උන්ට කියන්නේ ,, තොපි අපේ දුප්පත් වාහන වල ස්ටිකර් ගැලෙව්වා ... චන්ද කාලෙට තොපි විරිත්තගෙන ඉන්න ස්ටිකර් තොපේ වාහන වල *කේ ගහගෙන යනව .. ඒ ස්ටිකර් ගලවන්න බල්ලෙක්වත් නැහැ,, . තොපි අපේ දුප්පත් ත්‍රිවිල් එකේ තුන් දෙනෙක්ට වඩා යන්න බැහැ කිව්වා ,,, තොපේ රෙද්දේ ජන රැලි වලට ත්‍රිවිල් වල දහය පහළොව යද්දී ඒවා අල්ලන්නත් ඔය එක බල්ලෙක්වත් හිටියේ නැහැ... තොපිට ඔච්චර දඩ ඕනේනම් ගහපියව් ඔය බදු සහන දෙන කැසිනෝ වලට, දඩ... ගහපියව් විස්කි බෝතලේට, දඩ.... ගහපියව් අරක්කු බෝතලේට 200% ,, එහෙම ගහල බලපියව් එකෙක්වත් ඒවාට විරුද්ධ වෙයිද කියල,,දඩ ගහපියව් තොපේ නාස්තිකාර දරුවෝ රේස් පදින්න කියල ගේන කාර් වලට ,, නිකන් කට බලියාගෙන පුටු රත් කර කර ඉන්නේ නැතුව පාරට බැහැල බලපියව් මිනිස්සු ජිවත් වෙන්න විඳින දුක,,.... බයිසිකලයක් අරගෙන එක දවසක් ගිහින් බලපියව් පාරක,, අපිට දැනෙන ආතල් එක උඹලට එක දවසින් දැනෙයි.... දුප්පත් මිනිහටම කෙලින්නේ නැතුව පොඩ්ඩක් ඒ මිනිස්සු ගැනත් හිතපල්ලා.....
අනිත් එක තොපේ hi-fi වාහන වල තියෙන air බැලුන් අපේ දුප්පත් බයිසිකල් වල නැහැ,, හැප්පුණු ගමන් දිගැරෙන්න...යන්තම් හරි ඔළුවයි දත් සෙට් එකයි දෙකම බේරගන්න තිබුනේ මේක විතරයි ,, දැන් තොපි එකත් කෑව... විලි ලැජ්ජයි ඕයි ..
වතුර ඉල්ලපු උන්ට වෙඩි තිබ්බ, වාහනේක පාරේ යන්න නැහැ අරකයි , මේකයි කියල දඩ ගහනවා, එලියට ගිහින් හුවක් කිවත් දඩ ගහනවා.. වරෙල්ලකෝ බස්නාහිර චන්දෙ ඉල්ලන්න,, මෙහෙනම් එන්න එපා මේ පැත්තට ,,,ගහන්නේ ෆුල් ෆේස් හෙල්මට් එකෙන්ම පැණි බේරෙන්න... පුලුවන්නම් වැලිවේරිය පැත්තෙත් චන්දෙ කොරහල්ලකෝ.. රෙදි නැතුව තමයි එන්න වෙන්නේ...
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
පට්ට තරහකින් ලිව්වේ ,, ගනන්ගන්න එපා,
(SUDDA)
Subscribe to:
Post Comments (Atom)



No comments:
Post a Comment