Friday, November 1, 2013

ඔයාගේ කොම්පිතරෙටත් ANDROID ගහමුද?.......( Android for your desktop )

ගොඩක් කාලෙකට පස්සේ තමයි blog එක පැත්තේ එන්න පුළුවන් උනේ. බ්ලොග් එකට ලියන්න තියා මෙලෝදෙයක් කරන්න හිතුනේ නැහැ මේ ටිකේ. එක එක අය අපේ ජීවිත වලට එනවා යනවා , සමහරු ලඟින් ඉන්නවා අපිට අමාරු කාලයක් ආවහම දාල යනවා. හැමෝම බලන්නේ තමන්ගේ වාසිය විතරයි........ පුදුම ලෝකයක් ........ තමන්ට වාසියක් තියෙනවනම් ඕනම දෙයක් කරයි....... අනේ මන්ද එහෙම වෙන්න අපිට බැරි ඇයි. පුදුමාකාර ජීවිත ......


හ්ම් ..... ඒවගෙන් වැඩක් නැහැ, අද මම පටන්ගන්න යන්නේ මම දන්නා දේවල් , මම අහන දේවල්, මම දැනගන්න දේවල් ඔයාලට දෙන ලිපි මාලාවක්. සමහරු දන්නා දේවලුත් ඇති , මම එච්චර වැඩකාරයෙක් නම් නෙවෙයි ඒත් මම දන්නා පොඩි දෙයින් හරි ඔයා දෙයක් ගන්නවනම් , දෙයක් ඉගෙනගන්නවානම් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව...



ANDROID........?  දැකලා පුරුදු කෙනෙක් නේද?? .... සමහරවිට ඔයාගේ ෆෝන් එකේ ,ටැබ්ලට් එකේ , නෝට් පෑඩ් එකේ තියෙනවා ඇත්තේ ANDROID .... කැමති නැද්ද ඔයාගේ Desktop Computer එකට ANDROID දාගන්න... ආසයි නේ....



මේක දන්නා අයත් ඇති නොදන්නා අය ඉගෙනගන්නවානම් ඒ ඇති. අපි වින්ඩෝස් 7 , 8 , linux, ubuntu මැෂින් එකේ දාල පාවිච්චි කරනවා වගේ android පාවිච්චි කරන්න පුළුවන් ,, පොඩි වැඩක් තියෙන්නේ මෙතන click කරලා එන වෙබ් සයිට් එකෙන් ඔයාට ඕනේ සංස්කරණය තෝරාගන්න ,, ඊටපස්සේ ඒක download කරන්න .




ඩිස්ක් image එකක් downlod වෙයි ,, එක cd එකකට රයිට් කරගෙන සාමාන්‍යයෙන් වින්ඩෝස් දානවා වගේ ඉන්ස්ටෝල් කරන්න පුළුවන්, මොකක්හරි ප්‍රශ්නයක් අවොත් කොමෙන්ටුවක් දාන්න.




මේක ඔයාගේ පෙන් එකට දාල පෙන් එකෙන් බූට් කරන්නත් පුළුවන් (වැරදියට හිතන්න එපා බූට් කරනවා කිව්වේ බූට් තියන එකට නෙවෙයි, මොකද,, බූට් තියන වැඩේට මම කෙල්ලෝ තරම් දක්ෂ නැහැ, මෙච්චර කාලෙකට කරලත් නැහැ). හැබැයි පෙන් එකෙන් බූට් කලොත්නම් මේක මෙලෝ රහක් නැති වෙනවා. මමනම් කියන්නේ cd එකකට ගහල එක ඉන්ස්ටෝල් කරන්න කියල,. .....
 


pen එකට හෝ chip එකට දාගන්න ක්‍රමය,


හරි එකත් කියල දෙන්නම්කො... මේකට පොඩි software කට්ටක් ඕනේ වෙනවා netbooting අහල පුරුදුයි වගේ නේද? .. ඔව් ඔව්.. ඒක තමයි... මේකෙන් ඕනෙම operating system එකක් පෙන් එකකට දාගෙන එකෙන් බූට් කරන්න පුළුවන්. android වලටනම් 1GB පෙන් එකක් තිබුනත් ඇති ....
netbooting මෙතන click කරලා බාගන්න......



 


ඒක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න









ඊටපස්සේ ඩිස්ක් එක සිලෙක්ට් කරලා පෙන් එක සෙලෙක්ට් කරන්න .... (උඩ තියෙන පින්තුර වල විදිහට කරන්න) start කරන්න ,,, පොඩ්ඩ වෙලාවක් ගනියි .. ඊට පස්සේ reboot කරන්න අහයි..... reboot කරලා boot menu එකෙන් පෙන් එක සෙලෙක්ට් කරන්න .... දැන් බූට් වෙයි බබා වගේ.......




3 comments:

  1. නියම පෝස්ට් එකක්.. තව ලියන්න ලස්සනට.. මල්ලි වර්ඩ් වර්ෆිකේෂන් ඉවත් කරන්න. හරි කරදරයි කමෙන්ට් කරන්න.

    ReplyDelete
  2. තැන්කුයි තැන්කුයි අක්කි...

    ReplyDelete
  3. හොද blog එකක් යාලුවේ... ඉස්සරහටත් වටින දේවල් ලියන්න... best of luck!

    ReplyDelete