යුද්ධය ඉවර උන සතුටට ගමේ අය්යලා රතිඤඤ පත්තු කළේය ,මල් වෙඩි දැම්මේය,. අපේ තාත්තා ඉස්සර
අලියෙකි . ලොකු අලි මාමලාගේ අලි කථා බලන්න අපිවත් එක්කන් යනවා මට යන්තමට මතකය . යුද්දය සියල්ල වෙනස් කළේය . මාමාය් මාමගේ මල්ලියි යුද්දේ ඉවර කරට පස්සේ තාත්තත් බුලත් කන්න පටන් ගත්තේය ,, ඒ කුරුතගුන දක්වන්නලු ,, ඒ කුනුහප්ප මට තේරෙන්නේ නැත . තාත්තත් එක්ක අලි ගොඩක් බුලත් කන්න සෙට් උනේය. තාත්තලා පැන්න ගමන් මාමා උඩින්ම දිනුවේය . අපේ ගමේ මාමල ගොඩාක් බුලත් කන්න පුරුදු උනේ යුද්දේ දිනුවාට පස්සේ ය.
අපිටද මාර චුන් ය . අපි දෙපිල බෙදී යුද්ද කළෙමු . මම ජනාදිපති මාමය . ජනාදිපති මාමා යුද්දෙට යන විදිහ හිතින් මවාගත් මම තුවක්කුවක් හැඩේට ලීයක් කපා ඉනේ ගහ ගත්තෙමි , සරත් පොන්සේකා මාමට අරලියගහ යට තිබුන සෙල්ලන්ගෙදර ඉන්න කිව්වෙමු . සරත් පොන්සේකා මාමාට ඇන්දේ මගේ යාළුවෙකි. මගේ හොදම යාලුවා ඇන්දේ ගෝඨාභය මාමගේ චරිතයටය එයාටත් මට වගේම තුවක්කුවක් කපා ඉනේ ගැහුවේය . යුද්ද කරන්නේ අපි දෙදෙනා පමණි ,, මාමලාගේ tv එකේ කථා වල විදිහට අපි ගිහින් ප්‍රභාකරන් මාමාව මරුවෙමු ,,,ෆොන්සේකා මාමාව පැත්තටවත් ගත්තේ නැත, ඒක වෙනම කතාවකි .
කොහොමින් කොහොමින්හරි අපේ අයියද 21 පැන්න ගමන් බුලත් කන්නට පුරුදු උණි . ඒ විදිහට අය්යාගේ යාලුවෝ හැමෝමත් බුලත් කන්න පුරුදු උණි . මට පව් කියා සිතුනි , වැඩිපුර බුලත් කෑම මුඛ පිළිකා ඇතිකරනවා කියල TV එකේ දොස්තර මාමා කෙනෙක් කියනවා මට මතකේ තිබුණි .
සමහරු බුලත් කෑමෙන් පමණක් නතර උයේ නැත ,බුලත් කන ගමන් කඩේ යන්නද පුරුදු උනේය. සරත් මාමාද එහෙම කඩේ යන්න පුරුදු උන අයගෙන් කෙනෙකි . එයත් ඉස්සර අලියෙක් කියා මට මතකය . දැන් එයා කන්නේ බුලත්ය. ගමටම ෆැන්ටා බෙදන්නේ සරත් මාමා ය . සරත් මම ෆැන්ටා සැසේ පැකට් ද
විකුණයි . රුපියල් 50 ට 200 ට සරත් මාමාගෙන් සැසේ පැකට් ගන්න පුළුවන් කියා සුමනේ අයියා කියනවා මම අහගෙනය .
![]() |
| සරත් මාමගේ ෆැන්ටා පොට් එක |
සුමනේ අයියා සරත් මාමාගේ හොඳම කස්ටර්මර් ය . සුමනේ අයියාගේ ගේ වෙලෙන් එගොඩය . අපි වෙලේ බෝල ගහන දවස් වල සුමනේ අයියා වෙරි වෙලා වෙලේ යනවා දකින්නෙමු .ඒ වෙලාවට සුමනේ අයියාගේ කටේ තියෙන්නේ මාරු වචන සැට් එකකි .ගමේ හැමෝගෙම අම්මලා ඔහුට මතක් වෙයි . දෙමාපියන් ගැන හිතන එක හොඳ වැඩක් කියා අපේ ටීචර් කිව්වාය . ඒ අතින් බැලුවාම සුමමේ අයියා හරිම හොඳය , එයාට මුළු ගමේම අම්මල ගැන මතක් වෙන්නේය. අපිත් දවසක ෆැන්ටා බී වෙරි වෙලා වෙලේ යන ගමන් මුළු ගමේම අම්මලා ගැන විතරක් නොව තාත්තලා ගැනද හිතන්නට ගන්නා බව එක සිතින් සිතාගත්තෙමු .
එත් ඉස්සර මෙහෙම නැත . සරත් මාමා අලියා කාලේ මාමාගේ ෆැන්ට පොට් එකට හැමදාම පොලිසියේ මාමලා පනින්නේ ය .සරත් මාමා සරම කරේ තියාගෙන ෆැන්ටා බැරල් එක ඔලුවේ තියාගෙන ගම හරහා දුවන්නේ ය . සතියකට සැරයක් පොලිසියේ මාමලාගේ jeep එකෙත් ගෙන යන්නේය. ඒ ඇයි කියා සුමනේ අයියගෙන් ඇසු විට ඔහු කිව්වේ පොලිස් මාමලා සරත් මාමගේ හොඳ යාලුවෝ නිසා සතියකට සැරයක් jeep එකේ trip එකක් එක්කන් යන බවය . පව් දැන් සරත් මාමා එයා බුලත් කන්න පටන් ගත්තු දවසේ ඉදන් පොලිසියේ මාමලා එයත් එක්ක තරහ වෙලාද කොහෙද . අත් බේතකටවත් පොලිස් මාම කෙනෙක් ෆැන්ට පොට් එක පැත්තේ යනවා ඉන්පසු අප දුටුවේ නැත .
මීට ,
(SUDDA).


No comments:
Post a Comment