අපේ අයියා පට්ටම මිටරයකි.
අයියා හැමදාම පන්තියේ පලවෙනියාය . අයියගේ කෑල්ල දෙවැනියාය .ඇය පන්තියේ දෙවනියා වන්නේ අයියාගේ පිහිටෙන් බව මුළු ලොවම දන්නේය .පන්ති භාර මිස් නොදන්නේය.මේ රට බඩ්ඩ නිසා අයියා දවසක හොද මට්ටුවක් වන බව හයක් හතරක් නොතේරෙන මටද වැටහිණි. ඒක වෙනම කතාවකි .
මාමේ , අයියගේ හොඳම යාලුවා වයියා ය ,ඌ නම් මෙලෝ රහක් නැත ,ඉගෙනගන්නේ ද නැත , උට කෑල්ලක්ද නැත, කෑල්ලක් කැමති උනත් ඊළඟ දවසෙම දාල යන්නේ ඌ ළඟ ගස් ගඳ නිසාය. උගේ ගඳ නොතේරෙන ඌ අපිට කියන්නේ මුළු ලෝකෙම කෙල්ලෝ තමන්ගේ සහෝදරියන් මෙන් සිතන බවය . උගේ ගඳ මුළු ලොවම දන්නේ ය , තවමත් ඌ නොදන්නේ ය . ඒ බන්දුල මාමාගේ ආශ්චර්ය නොව වයියාගේ ආශ්චර්යය ය .
ඌ ගස් කාපර් ය , ගහක ගඩා ගෙඩියක් පෙන්නන්නට බැරිය, දැක්කොත් උට නින්ද යන්නේද නැත , කොහොම හරි කඩන්නේය . සිරී මාමා රඹුටන් කාලෙට ගෙදර ඉන්නේ නැතුව වත්ත මුර කරන්න ගත්තේ වයියාගේ මේ විශේෂ දක්ෂතාවය ඉවසන්නටම බැරි තැන ය . ඌ පොල් ගස් නගින්නේ අපි පාරේ ඇවිදිනවා වගේය. අපේ අයියටනම් කල්පයක් දුන්නත් ගස් නගින හපන්කම නම් කරන්නට බැරි ය . ඌ දන්නේ "නියතයක් වන වයියාගේ ගස් නැගීමේ වේගය ගසේ උස අනුව ආදේශ කර ගහට නැගීමටත්, බැසීමටත් යන කාලය ගණනය කිරීමට" පමණි. මමනම් ඔය දෙකෙන් එකක්වත් දන්නේ නැත .
ඉතිං මාමේ , අයියා පලවෙනි පාර උසස්පෙළ කලේ 2011 දිය, අයියා පට්ටම මීටරයක් කියා ගමම දන්නේ ය . එත් ඌ නොදන්නේය. විභාගය ලියා ඇවිත් අයියා කිව්වේ පට්ටේටම ලිව්වා කියාය. මුළු ගමම විස්වාස කලේ අයියා එකපාරම කැම්පස් එකට වැඩේ දෙනු ඇත කියාය. මමනම් හිතුවේ මු පාස් උනත් කැම්පස් නම් යන්න එපා කියා ය . ඌ කැම්පස් ගියොත් මටත් යන්නට වෙනවා අනිවාර්ය ය . අයියා විභාගයට කලින් කරපු පාස් පේපර්ස් හැම එකටම වාගේ 80-90 ත් අතර ලකුණු තුබුණා මට මතකය . අඩු උනත් අඩු උනේ පිසික්ස්( මොන මඟුලක්ද දන්නේ නැහැ ) වලට විතරක් කියා අයියා කිහිප විටක්ම කියනු මම අසා ඇත. විභාගෙන් පස්සෙද විභාගෙට දුන්න පේපර්ස් වලට අපහු ලිව්වේ ය . A තුනකි . ගෙදර අයටත් පට්ට චුන් ය . විභාග ප්‍රතිපල එනකන් අයියා සැහැල්ලුවෙන් කාලය ගත කළේය. වයියාහේ තත්වය මීට වෙනස්ය. විභාගය ලිව්ව දවස් වල ඉදන්ම උ ගොළුවත රකින්නට පටන්ගතේය . විටෙක භාවනයෝගිව පිටින්නේය , කථා පෙට්ටියද වැහිලා ය . ගම වටේම ගස් වල පොල් වැටී වැටී යන්නේ ය. ගස්ලබු ලේනෝ කන්නේ ය . සිරී මාමා ගස් මුර කරන්න යන්නේ ද නැත. ඌ ෆේල් කියා මුළු ගම ම දන්නේ ය . ඌ ත් දන්නවා ඇතැයි මටද සිතුණි.
පට්ටම වැඩේ උනේ අයියගේ කෑල්ල ටය , ඒකිට විභාගෙදි අයියා ළඟ ඩෙස්ක් එකක් ලැබිලා නැත, ඉතිං එක ගැන වැඩිය හිතන්න අවශ්‍ය නැතැයි අයියා කිව්වේය .
මාමේ ,කාලය ගත විය . විභාගේ ප්‍රතිපල ඉන්ටනෙට් එකට දැම්ම කියල දවසක් නිවුස් කියන මාමා කෙනෙකු ලෝකෙටම හඬ නගා කිව්වේය , එක ලෝකෙට අහුනදැයි මම දන්නේ නැත , අපේ ගෙදර උන්ටනම් එක නියමෙට අසුනේය . ඒ ගමන්ම අයියා කොම්පීතරේ ඉස්සරහට ගියේ රජෙක් වගේය , හරියට මාමා තනියෙන් ගිහින් ප්‍රභාකරන් මාමාව මරල ආවා වගේ අභිමානයෙනි . යුවරජතුමත් (ඒ කියන්නේ මම)පට ගාල එතනට ලං උනේ පිය රජතුමාත් මව් බිසවත් ඉස්සර උනොත් සීන් එක හරියට බලාගන්න බැරි වෙන නිසාය. බන්දුල
දෙපාරක් තුන්පාරක් බන්දුල මාමගේ ගරු මෑණියන් මතක් උනත් ඉවසා වදාරන්න යුව රජ හැටියට මම තීරණය කලෙමි . පේජ් එක ලෝඩ් උණි , අයියා අයියගේ නොම්බරය ගසා එන්ටර් කළේය. තත්පට කිහිපයක් ගත උණි .
"රජා බලු උණි"
බලු උනා නොව බින්දුවටම බැස්සේ ය .
ලයිට් කණු ම තුනකි.
කවුරුවත් වචනයක්වත් කථා කලේ නැත , මට මගේ සුමදුර හඬ අවදි කරන්න සිතුනත් අවධි නොකර සිටියේ කොහෙන් කොහාට ප්‍රහාර එල්ල වේදැය් තිබු සැකයත් , එම බිහිසුනු ප්‍රහාර වල ඉලක්කයක් වීමට තිබු බලවත් අකමැත්තත් නිසාය .
ඒ අතරේ වෙන එකෙක් සුරම්‍ය වූ හඬක් අවදි කලේය .
"අඩෝ ...! මම පාස් බන් . දොර ඇරපිය " වයියා අපේ දොරට තඩිබබා ජාතිය අමතන්නේ ය. වෙලාව පාන්දර 2 ය .
මූ පාස් ???
මම බලු වූ රජාගේ මුණ දිහා බැලුවේ හද පත්ලෙන්ම නැගුනු සහෝදරාලයෙනි .
ඊට පස්සේ මාමේ අපේ අයියා ගොළුවත රකින්න පටන් ගත්තේය . අයියා ට සසර කලකිරී ඇති බව අයියගේ දින පොත හොරෙන් කියවූ මට දවසක් දකින්නට ලැබුනේ ය . මා සිතුවේ අයියා ළඟදීම දවසක අභිනික්කමනය කරනු ඇත කියා ය (ගියානම් ශාසනය ඉවරය, මූ අභිනික්කමනයටත් භෞතික විද්‍යාත්මක නියමයක් සාදනු ඒකාන්තය ) . එවිට මට තනියම කාමරයම අයිති කරගැනීමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුනේ ය. අයියා ගියේ නැත . අයියා 2012 විභාගය ලිව්වේ නැත . දැන් 2013 ලියන්නේ ය .
මම මාමාගෙන් ඉල්ලන්නේ මෙච්චරය , අයියා පව් ය , ඊට වඩා බන්දුල මාමාගේ අම්මා පව් ය , බන්දුල මාමාගේ ආශ්චර්ය පෙනුන හැම එකාම මතක් කරන්නේ බන්දුල මාමාගේ ගරු මෑණියන්ව ය . එක නිසා බන්දුල මාමාට එයාගේ ආශ්චර්ය මේ පාරට විතරක්වත් පෙට්ටියක දාලා පරිස්සම් කරගන්න කියන්නේ බන්දුල මාමාගේ අම්මා ගැන ඇති වූ දයානුකම්පවෙනි . එක නිසා මාමාගේ ආශ්චර්ය මේ සැරේ ඕනේ නැත .
මිට (SUDDA)
මම මාමාගෙන් ඉල්ලන්නේ මෙච්චරය , අයියා පව් ය , ඊට වඩා බන්දුල මාමාගේ අම්මා පව් ය , බන්දුල මාමාගේ ආශ්චර්ය පෙනුන හැම එකාම මතක් කරන්නේ බන්දුල මාමාගේ ගරු මෑණියන්ව ය . එක නිසා බන්දුල මාමාට එයාගේ ආශ්චර්ය මේ පාරට විතරක්වත් පෙට්ටියක දාලා පරිස්සම් කරගන්න කියන්නේ බන්දුල මාමාගේ අම්මා ගැන ඇති වූ දයානුකම්පවෙනි . එක නිසා මාමාගේ ආශ්චර්ය මේ සැරේ ඕනේ නැත .
මිට (SUDDA)




No comments:
Post a Comment