මා ගෙදර එන ගමනය . මැරෙන්න තිබහය . එහෙත් වතුර ඉල්ලිය නොහැක. වතුර ඉල්ලී පිරිසකට ලඟදී වෙඩි තිබ්බා මට මතකය .
මම ජිවිතයට ආදරේ ය . මට තවම විස්සය . දැන්ම මැරෙන්නට බැරිය , වෙඩි කන්නට උනොත් මැරෙනවා අයෙත් දෙකක් නැත . තිබහ ඉවසන්නට බැරි තැන සෙනග නැති කඩේකට ගොඩ විය .
" අයියේ වතුර තියෙද ?" ඉතාමත් රහසින් කඩේ අයියාගෙන් ඇසුවේය.
"මල්ලි වතුරනම් නැහැ . බීම ටිකක්නම් ෆ්‍රිජ් එකේ තියෙනවා " කඩේ අයියා බොර දියේ මාළු බෑමට සැරසුනේය .
"නෝ තැන්ක්ස් අයියේ , මම සල්ලි ගෙනාවේ නැහැ " මම ඇඟ බේරාගත්තේය .
සැන්දෑ හිරු කිරණ පොලවට සෙමෙන් සෙමෙන් පතිත වේ .අවට සිරි නරඹන මානසික මට්ටමක මා මේ වෙලාවේ නැත . මැරෙන්නට තිබහ ය . කොතරම් තිබහ උනත් වතුර ඉල්ලිය නොහැක . ඉල්ලුවොත් වෙඩි කන්නට සිදු වනවාම ය .

No comments:
Post a Comment