ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න හිතුනේ . පොස්ට් එකක්'වත් ලියන්න පිරියක් තිබුනේ නැහැ. ලියන්න ගත්තත් ගොඩක් පොස්ට් draft කරල තියනවා.. ලියන්න ගත්තු ගොඩක් පොස්ට් draft ෆෝල්ඩර් එකේ තියෙනව ගෙඩි පිටින්ම පොකුරු පොකුරු.
ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මේ ආවේ මම අද එයි හෙට එයි කියල , අවුරුදු ගානක් තිස්සේ ගහන්න මග බල බලා හිටිය බඩු කෑල්ල මේ නොවැම්බර් වල ලංකාවට එනවා කියල දැනගත්තු නිසා.
බඩු කෑල්ල කිව්වට වරදවා වටහාගන්න එපා මම කිව්වේ අලුත්ම FARCRY ගේම් එක ගැන ... FARCRY 1 පස්සේ FARCRY 2 ඊටත් පස්සේ FARCRY 3 . මේ සැරේ තමයි සුපිරිම බඩ්ඩ එන්නේ ,අලුත්ම FARCRY 4 ගේම් එක.. . .
මුලින්ම බලමු FARCRY ඉතිහාසය ගැන...
FARCRY 1

මුලින්ම FARCRY ගේම් එකක් එලියට එන්නේ 2004 මාර්තු 23 . ගේම් එක ඩිවලොප් කරන්නේ කවුරුත් දන්නා (ගේම් එකක් නමට හරි සෙල්ලං කරල තියෙන) Crytek Studio කියන ජර්මන් සමාගම විසින්. සුප්‍රසිද්ධ UBISOFT හරහා තමයි ගේම් එක එලි දකින්නේ. මේ FARCRY ගේම් සියලම අයත් වෙන්නේ first-person shooter කාණ්ඩයට.. ඒ වගේම ගේම් එක එලියට දාල මාස 4 යනකොට ගේම් 730,000 විකුණා වාර්ථාගත විකුණුමක් කරන්නට මේ ගේම් එක සමත් උණා. මමනං මේක ගැහුවේ 2006 විතර .ඒ ගැහුවෙත් පැයකට රුපියල් 100ක් දීලා ගේම් කැෆේ එකකින්. IGI , need for speed 1,2 ගගහ හිටපු අපිට ඒ කාලේ මේක නිකං මහමෙරක් වගේ..
ආයෙ කථා දෙකක් නැහැ FARCRY 1,2,3 කියන මේ ගේම් තුනෙන්ම අමාරුම එක මේ ගේම් එක... වදිනකොට වදිනවා නන්නත්තාර වෙන්න
![]() |
| ඒ කාලේ හැටියට පට්ටම කොලිටියි |
... අනිත් ගේම් දෙකම මෙච්චර අමාරු නැහැ.. අඩුම ගානේ FARCRY 2,3 දෙකේම හැංගිලා හරි උපක්රමිකව පසුබැහල හරි ජිවිතේ රැකගන්න පුළුවන් . එත් මේකේ කරන්න තියෙන එකම දේ ෆුල් ඩම් එක දාල දුවන එක හරි කාගෙන සටන් කරන එක හරි විතරයි කොහොම උනත් ග්‍රැෆික් අතින් බැලුවොත් අසීමිත ආකර්ශනයක් ලබාදීම , විශාල ගේම් world එකක් ගොඩනැගීම FARCRY ගේම් වල අනන්‍යතාවය'ක්.
FARCRY 2
FARCRY 1 වලින් පස්සේ අවුරුදු හතරකට පස්සේ Crytek Studio මගින්'ම UBISOFT ආයතනය හරහාම ඔවුන්ගේ දෙවැනි FARCRY ගේම් එක ඒ කියන්නේ FARCRY 2 එලියට දැම්ම. ඒ කියන්නේ 2008 ඔක්තෝම්බර් මාසේ. අප්‍රිකාවේ සැවානා වනාන්තරයේ පරිසරය, සත්තු, ගස් කොළන් වල අත්දැකීම, අප්‍රිකානු වනාන්තර ජිවිතයේ කටුකත්වයත් හොඳින්ම පෙන්නපු ගේම් එකක් විදිහට FARCRY 2 සලකන්න පුළුවන් . GAME WORLD එක වර්ග කිලෝමීටර් 50ත් ඉක්මවූ විශාල භූමියක්. මෙම වර්ග කිලෝමීටර් 50 තුල නිදහසේ ඇවිදින්න පුළුවන් වීම ගේම් එකේ fun එක නැත්නම් ආශ්වාදය වැඩි කරන්න හේතු වෙලා තියෙනව.
තවත් ගේම් world එක ඇත්ත වගේම ඒ කියන්නේ realistic විදිහට හදල තියෙනව. ඒ වගේම ගේම් එක පටන් ගන්නකොටම තමන්ට ඕනේ චරිතයක් තෝරාගන්න අවස්ථාව දීලා තියෙනව.. හොඳම වැඩේ කියන්නේ මොකා තොරගත්තත් ගේම් එක පුරාවටම ප්‍රධාන චරිතේ, ඒ කියන්නේ අපි තෝරාගන්න එකා , උට මැලේරියාව... ඒක නිසා මැලේරියාවට ගන්න බෙහෙත් හොයන්න වෙන එක නිසා ගේම් එක තවත් ඇත්ත වගේ වෙලා තියෙනව.
මේ මොනවා උනත් FARCRY 2 සෙල්ලං කරන කොට ඉබේම එපා වෙන ස්වභාවයක් තියෙනව.. ඒ කියන්නේ ගේම් එකේ කතාව ඒකාකාරී ස්වභාවයක් ගන්නවා.. ඒක නිසා FARCRY 2 දිගින් දිගටම, නැවත නැවතත් සෙල්ලං කරන්න තියෙන ආසාව අඩු වෙනවා... කොහොම වෙතත් ගේම් එක එලියට ආපු මුල් දවස් වල හොඳ විකුණුමක් තිබුනත් කාලයක් යනකොට ඒක අඩු වෙලා තිබුණ. ඒ කියන්නේ FARCRY 1 තියපු වාර්ථාගත අලෙවිය'ට යන්න FARCRY 2 වලට නොහැකි වෙලා තියෙනව.
මේ හේතු ඇරෙන්න වෙන එකම හේතුවක්වත් ගේම් එකේ තියෙන ගුණය අඩු කරන්න සමත් වෙලා නැහැ ,, පරිසරය, වාහන, ආයුධ මේ හැම දෙයක්ම සුපිරියටම තියෙනව. පැත්තක ඉඳන් ගිනි තියල සතුරන් විනාශ කරන්නත් පුළුවන්. විශේෂයෙන් ආයුධ ගැන ,, අප්‍රිකාවට ගැලපෙන විදිහට අප්‍රිකන් ගතියක් තියෙන ආයුධ තමයි මේකේ තියෙන්නේ,,, අනිත් ගේම් වල තියෙන ආයුධම මේකෙත් තිබුනත් ඒවා වර්ණයෙන්, භාවිතයෙන් අප්‍රිකාවට ගැලපෙන විදිහට නිර්මාණය කරල තියෙනව.. කොටින්ම එක ආයුධයක් දීර්ග කාලයක් පාවිච්චි කලහම ඒක අතේම පුපුරා යාම, තව ආයුධ jam වීම හෙවත් හිර වීම මේ ගේම් එකේ ඇත්ත ගතිය තවත් වැඩි කරන්න සමත් වෙලා තියෙනව. මිෂන් (mission) එකක් ගහ ගහ ඉද්දි තුවක්කුව හිර උනොත් හරි අතේම පිපුරුවොත් හරි මතක් වෙන දේවල් කියන්න ඕනේ නැහැනේ.. FARCRY 2 වලදිනම් එහෙම දේවල් ඕනේ තරම් අත් විඳින්න පුළුවන් ..
මේකේ වාහන හැප්පුනාට කෙලින්ම පුපුරලා යනවට වඩා තව එක චාන්ස් එකක් ක්‍රීඩකයාට ලබා දීලා තියෙනව.. ඒ තමයි වාහන රෙපෙයාර් (Repair) කරගන්න පුළුවන් වීම.. වාහනේ නන්නත්තාර වෙන්න හප්පලා කළු දුම දාන්න ගත්තු ගමන් වාහනේ ඉස්සරහට ගිහින් interact කරන්න විතරයි තියෙන්නේ මු රේඩියෙටරේ එජස් කරල වාහනේ තිබුණු විදිහටම හදනවා ( රේඩියෙටරේ එජස් කරල හැප්පුණු වාහන හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල කියන්න) .
මේ හැම දේම හේතුවෙන් අඩුපාඩු එකක් දෙකක් තිබුනත් ගහන්න පුලුවන්නම් ගහන්න ඕනෙම ගේම් එකක් විදිහට FARCRY 2 හඳුන්වන්න පුළුවන්
FARCRY 3
FARCRY ගේම් වලින් දැනට ඇවිත් තියෙන අන්තිම ගේම් එක තමයි FARCRY 3 කියන්නේ . මේක ගැනනම් කියන්න දෙයක් නැහැ,, හොඳයි කියන්නේ පට්ට ! .. කොහොම හරි මේකත් Crytek Studio , UBISOFT එකතුවෙන් තමයි හැදෙනේ. 2012 නොවෙම්බර් අන්තිමත් දෙසැම්බර් මුල'ත් වගේ තමයි එලියට දැම්මේ.
ගේම් එක ගැන කථා කලොත් අපිට යුද්ධ කරන්න වෙන්නේ කොල්ලකාරයොත් එක්ක.. දුපතක් කේන්ද්‍ර කරගෙන ඉන්න උන් ලොකුවට මිනී මරනවා විතරක් නෙවෙයි විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් සිදු කරනව. ඊට විරුද්ධව තමයි ක්‍රීඩකයාට සටන් කරන්න වෙන්නේ...
ගේම් එකේ පරිසරය හැම FARCRY ගේම් එකකම වගේ මේකෙත් සුපිරි'ය ටම තියෙනව. ගේම් එකේ පරිසරය සත්‍යරූපී විදිහට ගන්න සාර්ථක උත්සහයක් දරලා තියෙනව. ඒක අතිශය සාර්ථක බව කියන්න'ඕනෙ .... පිහිනන්න, කිමිදෙන්න, දඩයම් කරන්න , සූදු කෙලින්න, වාහන පදින්න, බෝට්ටු පදින්න, සැහැල්ලු glider වලින් පියාඹන්න , මේ වගේ ගොඩක් දේවල් මේ ගේම් එකේ කරන්න පුළුවන් වීම මේ ගේම් එක ගහන්න ගහන්න ආස හිතෙන්න තවත් එක හේතුවක්.
ගේම් එකේ පරිසරය, world එක ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරෙනව . මේ මුළු පරිසරයම අභියෝග වලින් පිරී තිබීම තවත් එක ආකර්ශනීය ලක්ෂණයක්.. උදාහරණයකට ක්‍රීඩකයා අරමුණක් නැතුව එහෙ මෙහෙ ඇවිද්දත් කොහෙන්හරි පහරදීමක් සිදු වෙනවමයි. අඩුමගානේ සතෙක් හරි පහර දෙනවමයි.... සර්පයි, ජලභීතිකාව හැදුන බල්ලෝ, කැලෑ බල්ලෝ, හරක්, මුවෝ, එළුවෝ, රයිනෝ, කබරයෝ, වලස්සු, දිවි, කොටි, කළු දිවි, මීයෝ, කළුකුමෝ වගේ කුරුල්ලෝ ජාතියක්, කිඹුල්ලු, මෝරු, මඩුවෝ, උකුස්සෝ, පරෙවියෝ, වඳුරෝ, මේ වගේ ගොඩක් සත්තුන්ගේ එකතුවක් විදිහට සත්තු ගේම් එකේ දකින්න පුළුවන් ,, මෙයින් සමහර සත්තු අහිංසක උනත් ගොඩක් සත්තු දුටු තැන පහර දෙන ජාතියේ අය කියල මතක තියාගෙන ක්‍රීඩා කරන්න ඕනෙ. අපිට සත්තු දඩයම් කරන්න පුළුවන් නිසා ගේම් එක ගහනවා දැනෙන්නෙත් නැහැ.
කොහොමත් දැනට ඇවිත් තියෙන FARCRY ගේම් වලින් හොඳම ගේම් එක විදිහට FARCRY 3 සලකන්න පුළුවන්.
එකේ ට්ර්ව්ලර් එකත් බලාගන්නකෝ එහෙනම්.
මෙන්න ගේම් එක FARCRY 4
තවම ඇවිත් නැති මේ ගේම් එක සුපුරුදු පරිදි Crytek Studio , UBISOFT එකතුවක් කියලයි ආරංචිය. දැනට කියන විදිහට FARCRY ගේම්ස් වලින් විශාලම world එකක් තියෙන ගේම් එක මේකලු. ගේම් එක ආශ්‍රය කරගෙන තියෙන්නේ නේපාලය, භූතානය, ඉන්දියාව , හිමාලය වගේ අපට තරමක් හුරු පුරුදු ස්ථාන. ඒ නිසාම අපිට සාමාන්‍යයෙන් හුරු පුරුදු හින්දි භාෂාවත් ගේම් එක අතරතුර අහන්න තියෙනව. ගොඩක් දුරට වාහන උනත් හුරු පුරුදු ගතියක් පෙන්නනවා.. FARCRY ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රීරෝද රථ ගේම් එකේ වාහනයක් විදිහට එකතු කරල තියෙනව,,
තව වාහනයක ඉඳන් තවත් වාහනයකට පැනල එකේ ඉන්න උන් මරන්න, වාහනේ යන ගමන් වෙඩි තියන්න, දුන්නක් (මේ දුන්න CROSSBOW වර්ගයට අයත් එකක්) පාවිච්චි කරල මිස්සු මරන්න , ලණුවක් හා කොක්කක් ආධාරයෙන් කඳු නගින්න වගේ අලුත් දේවල් ගොඩක් මේකේ ඇතුලත් කියලයි ආරංචිය....
ගේම් එක ගහන ක්‍රීඩකයාගෙන් අනෙක් ක්‍රීඩකයාට වෙනමම අත්දැකීම් ලබාදෙන්නත් FARCRY4 ගේම් එකට පුළුවන් බව තමයි ආරංචි.
සත්තු ගැන කථා කලොත් අලි ඇතුළු ආසියාතික සතුන් මේ සැරේ ගේම් එකට ඇතුලත් කරල තියෙනව.. තව පරිසරයේ තවත් සතෙකු අනෙක් සත්තුන්ව දඩයම් කරන අවස්ථා'ද දකින්න පුළුවන්.
මේ වගේ ගොඩක් දේවල් අලුත් ගේම් එකේ තියෙනව කියල තමයි කියන්නේ. ඉතින් මේක ගහන්නනම් 2014 නොවැම්බර් 11 වෙනකන් ඉන්නම වෙනවා.. එත් ඉතින් ලංකාවට එනකොට කවද වෙයිද කියල කවුද දන්නේ..



















No comments:
Post a Comment