Monday, July 21, 2014

ඕන්න පටන් ගන්න යන්නෙ.....

ඔන්න අද ඉඳල පිං අතේ වැඩකට අත ගහන්න තමයි මේ හා හා පුරා කියල ලෑස්ති වෙන්නේ.

 මොකද්ද මේ පිං වැඩේ.... /?? .

 පිං වැඩක් කිව්වට දන්සලක්වත්, බනක්වත් පිරිතක්වත් නෙවෙයි බුදු බණෙත් තියෙනවනේ තමන් දන්නා දැනුම තවත් අයෙක්'ට දෙන්න පුලුවන්නම් ඒක ආමිස පුජාවක් වෙනවා කියල , අන්න එහෙම දැනුම දානයකට තමයි මේ ලෑස්ති වෙන්නේ.. කිසි වැඩකට නැතුව නෙට් එකේ කරක් ගහනවට වඩා මෙහෙම දේකින්වත් ලෝකෙට යමක් කරන්න පුලුවන්නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ.. . .. .

මොකද්ද මේ අලුත් වැඩේ...


පම්පෝරි ගැහුවට කිව්වේ නැහැනේ මොකද්ද වැඩේ කියල, ඔන්න මේක තමයි වැඩේ.. අද ඉඳල මම මේ ඇට්ටරයා blog එකෙන් 0/L කරන නංගිලා මල්ලිලාට පාසල් විෂය නිර්දේශයට අනුකුලව  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ලිපි මාලාවක් ලෙස මින් ඉදිරියට අරගෙන එන්න හදන්නේ... බය වෙන්න දෙයක් නැහැ විභාගෙට එන ඕනෙම දෙයක් කොමෙන්ට් එකක් මගින් අහන්න අවස්ථාව තියෙනව... මගේ දැනුමේ සිමාවේ ඉඳල මම ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙනවා... මම නොදන්නා කරුණක් උනත් මම දන්නා කෙනෙක්ගෙන් අහල හරි උත්තර දෙනවා...  ඔයාල දන්නා විෂය කරුණුත් මාත් එක්ක බෙදා ගන්න ... මමත් මම දන්නා හැම දේම ඔයාලට දෙනවා.....

අපි ආයෙත් මගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ලිපි මාලාවේ පලවෙනි පාඩම'ත් එක්ක හම්බ වෙමු. සුභ අනාගතයක්.

1 comment: