Sunday, September 1, 2013

බ්ලොග් කරුවෝද මනුෂ්‍යයෝය ...(BLOGGERS ARE HUMAN BEINGS)


අදාළ අයට වදිනවා ඇත , ඇනෙනවා ඇත , කරන්නට ඇත්තේ පහන් සිතින් කියවීම පමණි.


මම ළඟදී දවසක බන්ධනාගාරය ලගින් ගියේ යාලුවෙක්ගෙ ගෙදර යන අතරමග ය , බන්ධනාගාරයේ තාප්පේ ගහල තිබුනේ " සිරකරුවොද මනුෂ්‍යයෝ ය " කියල ය . වැඩේ ඇත්තය . වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් බව මම අසා ඇත. තාප්පයේ තියෙන්නේද එම අදහසමද යන්න මා තුල අදහසක් නැත. සමහර විට වැරදිකරුවන් සමාජගත කිරීමේදී එම වැකිය නිර්ණායකයක් වනවා ඇත .


මේ පොස්ට් එකේ කථා කරන්නේ වැරදි කරුවන් ගැන නොවේ.අද කථා කරන්නේ තාප්පයේ තිබුණ වචන සැට් එක ලාංකීය සිංහල බ්ලොග් කරුවා ටද අදාල වන එක ගැනය.

බ්ලොගයේ ඉන්න ගොඩක් සිංහල බ්ලොග් කාරයෝ සමාජ විෂමතා , කාලීන ,දේශපාලනික වැනි සමාජීය විෂයන් කෙරෙහි පොස්ට් ලිවීමට වැඩි ප්‍රවනතාවයක් දක්වයි. ආතල් දෙන්න JOKE පොස්ට් ලියන එකා උනත් තමන්ට හැකි අයුරින් ඒ joke අතර සමාජීය කරුණු වලටද ඉඩක් දෙන්නේ එක පොස්ටුවක් හරි සමාජයට වැදගත් වන නිසාය , සමහර විට ඌ දක්ෂ ලේඛකයෙකු නොවනවා විය හැක (මම වගේ ) . එත් අනිත් උන් නොකරන දෙයකින් ඌ සමාජය ඇසුරු කිරීමට උත්සහ කරයි.


එය බ්ලොග් කරුවාගේ මනුෂ්‍යත්වයයි . සිනහවට, කඳුලට, වින්දනයට පොස්ට් ලියනවා මෙන්ම සමාජ විෂමතාවයට , මර්ධනයට , විෂම දේශපාලනයට ද එරෙහිව තම යතුරු පුවරුව අතට ගැනීම තම සයිට් එකට trafic වැඩි කරගන්නවත් , like වැඩි කරගන්නවත් , ලොකු පුටු වල ඉන්න උන්ගේ ආතල් කුඩු කිරීමටවත් නොව , මනුෂ්‍යත්වය වෙනුවෙන් ලිවීමට ය.

 

"බ්ලොග් කරුවාගේ සයිබරයේ මනුෂ්‍යත්වයයි."

ඒ ලියන ඒවා කියවන විට කසනවානම් , ඇනෙනවානම් ශේප් එකේ පැත්තකට ගොස් කසාගන්නා එක වෙනම එකකි. කහනෝ...කහනෝ , මුන්  මට අරිනෝ , මුන් JVP කාරයෝ, මුන් UNP කාරයෝ කියා සමස්ථ සිංහල බ්ලොග් කරුවන්ට දෝෂාරෝපණය කරමින් තැන තැන කියවීම තවත් එකකි.

සිංහල බ්ලොග් කරුවට ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ JVP හෝ UNP වාදී හඬ නගන බවය , රිදෙන්න ඕන අයට රිදෙනවානම් , දැනෙන්න ඕනේ අයට දැනෙනවානම් , විඳින්න ඕනේ අය විඳිනවනම් මගේ මතය සිංහල බ්ලොග් කරුවා අති සාර්ථක බව ය.
එසේ බැලුවහොත් රිදිච්ච උන් කෑගහන පාරක් පාරක් ගැනේ සමාජගත වන්නේ සිංහල බ්ලොග් කරුවාගේ , නැතිනම් කෑගහන එකාට රිදෙන්න ලිව්ව එකාගේ සාර්ථකත්වයයි.

අන්තිමට මතක් කර දිය යුත්තේ සැම දෙයක් දෙසම මැදිහත් සිතින් බලන ලෙසය, අන්තවාදී දේශපාලනික මතවාදයන් බ්ලොග් කරුවා තුල නැත්තේය (බොහෝ ) .සැම කෙනෙක්ම එකම කෝණයෙන් සමාජය දෙස බලන්නේ නැත. සමහර විට උක්ත බ්ලොග් කරුවා හෝ එම පිටපත සකස් කරන තැනැත්තා දකින කෝණය අනුව එම බ්ලොගය ලියවෙන්නට පුළුවන්. තමා නිවැරදිනම් එම බ්ලොග් කරුවත් සමග බුද්ධිමත් සංවාදයක් ගොඩනගාගෙන ගැටලුව විසදගන්නවා මිස , එම බ්ලොග්කරුවගෙන් ගේම ඉල්ලීමෙන් කිසිදි ජයග්‍රහණයක් අත් වන්නේ නැත. කරුණාකර සිංහල බ්ලොග් කරුවාට දේශපාලනික හංවඩු ගැසීමෙන් වලකින්න.


"බ්ලොග් කරුවෝද මනුෂ්‍යයෝ "
වන නිසා ය.

                                                                      පිටපත ,
                                                                                    (SUDDA )විසිනි

No comments:

Post a Comment