Thursday, August 29, 2013

ඇට්ටරයා ...........................





ඇත්තටම " ගමේ පොට් එක " බ්ලොග් එක පටන් ගන්නකොට වෙන හොඳ කිසිම නමක් ගැන අදහසක් තිබුනේ නැහැ . එත් දැන්නම් හොඳ නමක් හම්බුනා ......මීට ටික කාලෙකට කලින් මාත් මගේ යාලුවෝ කීපදෙනෙකුත් එකතු වෙලා Video Creation එකක් පටන්ගත්ත ගනේමුල්ල පැත්තේ . ඒත් වැඩේ නැගල ගියේ නැහැ අපි රැකියා විරහිත තුන්වෙනි පාංතික තරුණයෝ නිසා. එකේ නම ATTARA CREATION (ඇට්ටර ) , අට්ටරයෝ ටික දවසකින් dal වෙලාම ගියා . දැන්නම් අනිත් උන් ඉන්න තැනක්වත් දන්නේ නැහැ .

ඉතිං මම තීරණය කලා මගේ blog එකටත් ATTARAYA ( ඇට්ටරයා ) කියල නම දාන්න . මගේ උගත් මිත්‍රයෝ කිහිපදෙනා නම් විරුද්ධ වෙන එකක් නැහැ . අනිත් එක මේ ලඟදි දවසක facebook ඉන්න මගේ යාළුවෙක් ලින්ක් එකක් දැකල , ඌ ගම්පහදී හම්බවෙලා මගෙන් ඇහුව උඹේ බ්ලොග් එක " කසියා පොට් "එකක්ද  නැත්තන් " *ඩු පොට් එකක්ද කියල " . එක එකාගෙන් කථා අහනවට වඩා හොඳයි පුරුදු විධිහට "ඇට්ටරය " කියල අහගන්න එක .




Wednesday, August 28, 2013

නැති වෙන්න හොර කරමු (GTA IV cheat ගහන හැටි )



අදනම් කියන්න යන්නේ ගොඩක් අය දන්නා ගේම් එකක් ගැන Grand theft auto IV . ගේම් එක ගැන reviwe එකක් දෙන්න නෙවෙයි හදන්නේ , ගොඩක් ගේම් එක ගහන්න හදන යට තියෙන ගැටලුවක් තමයි cheat භාවිතා කරන්නේ කොහොමද කියන එක .





මීට කලින් GTA ගේම් වල කෙලින්ම ගේම් එක ගහන ගමන් cheat ඇතුලත් කරගන්න පුළුවන්කම ලබාදී තිබුණා . එහෙත් GTA IV තුල එය යම් තාක් දුරකට සංකීර්ණ කරලා තියෙනවා . මේකේ ප්‍රධාන චරිතේ Niko කියන මැරයෙක් . අපි චිට් එක ඇතුලත් කරන්න ඕනේ මිනිහගේ Phone එකට . මිනිහගේ ෆොන් එක ගන්න ඕනෙනම් up arrow key එක ඔබන්න ඔනේ . එතකොට එනවා අංග සම්පුර්ණ ෆෝන් එකක් , ගේම් එකේ කියල නැහැ පට්ටටම හදල තියෙනවා Phone book , messages , call ඊට අමතරව cheat කියන options ආ තව video editor එකකුත් තියෙනවා . මිනිහ කෑලි ටෝක් කරන්නෙත් මේ ෆෝන් එකෙන් . පට්ට නේ . 
මේ phone එකේ තමයි cheat ගහන්න ඕනේ , එකට up arrowkey  එක දෙපාරක් press කලාම හරි ,එතකොට එන්නේ phone එකේ dial pad එක එකේ cheat enter කරන්න ඕනේ , මීට කලින් තිබුණා gta games වල තිබුනේ අකුරු type කරන්න , හැබැයි මේ game එකේ තියෙන්නේ phone numbers , ඉස්සල්ල game වගේ ගොඩාක් cheat නැහැ , cheat කිහිපයයි තියෙන්නේ . අනිත් එක තමා cheat ගමේ එක පටන් ගත්තු ගමන්ම ගහන්න බැහැ පලවෙනි මිෂන් එක ඉවර කරන්නම ඕනේ cheat ගහන්න නම් , පහල තියෙන්නේ cheat ටික

     Change weather                    468-555-0100
    Get a different selection of weapons            486-555-0150
    Get a selection of weapons                486-555-0100
    Raise wanted level                    267-555-0150
    Remove wanted level                    267-555-0100
    Restore armour                    362-555-0100
    Restore health, armor, and ammo            482-555-0100
    Song information                    948-555-0100
    Spawn a Cognoscenti                    227-555-0142
    Spawn a Comet                    227-555-0175
    Spawn a Jetmax                    938-555-0100
    Spawn a Sanchez                    625-555-0150
    Spawn a SuperGT                    227-555-0168
    Spawn a Turismo                    227-555-0147
    Spawn an Annihiliator                359-555-0100
    Spawn an FIB Buffalo                    227-555-0100
    Spawn an NRG-900                    625-555-0100

cheat පොඩ්ඩ උනාට පට්ටම cheat ටිකක් තියෙන්නේ එක සැරයක් cheat එකක් ගැහුවට පස්සේ අපහු cheat ගහ ගහ ඉන්න ඕනේ නැහැ , phone එකට up key එක ඔබල ඊට පස්සේ enter ඔබල phone menu එකට යන්න එකේ අන්තිමට ඇති cheat කියල , එක enter කරන්න එතන අපි ගහපු cheat සවේ වෙනවා .




game එක ගැනනම් කියල වැඩක් නැහැ පට්ටම game එකක් , මේකේ ඊළඟ game එක , ඒ කියන්නේ GTA V එක සැප්තැම්බර් 17 වෙනිදා එළිදක්වනවලු , එකේ trailer එකේ හැටියටනම් සුපිරිම game එකක් , ගොඩක් වෙනස්කමුත් තියෙනවලු ,

 


                                                                                                       (SUDDA)

නීති විරෝධී කසිප්පු පෙරන්නන්ගේ සංගමයේ මුලික ඉල්ලීම් .....

මේ ලදී දවසක "සමස්ථ ලංකා නීති විරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ සංගමය" රැස් විය , එම අවස්ථාවේ කසිප්පු පෙරන්නන් හට එම ක්‍රියාවලියේදී මුහුණදීමට සිදු වන දුෂ්කරතාවයන් වැඩි දුරටත් සාකච්චා කෙරිණි. දෙශීය නිෂ්පාදන නංවන්නට උත්සහ කරන රජය විසින් දෙශීය කසිප්පු පෙරන්නන් කෙරෙහි දක්වන කුඩම්මාගේ සැලකිලි , කසිප්පු හිමියන්ගේ දැඩි විවේචනයට ලක් විය . අවසානයේ තම ඉල්ලීම් ඉල්ලා ජනාදිපති තුමාට පිටු කිහිපයක සන්දේශයක් සකස් කෙරිණි , පහත දැක්වෙන්නේ එම සංදේශයයි.






ඉහත සඳහන් ඉල්ලීම් කෙරෙහිරජයේ අවධානය ඉතා ඉක්මනින් යොමු වේවා යි ඔවුන් පතන්නේ ය

මේ මගින් ලොව පුරා දේශීය කසිප්පු ප්‍රචාරය කිරිමට හැකි වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් වැඩි දුරටත් පෙන්වා දෙයි

Add caption




පසු ලිපිය -: මම මේ පින්තුර ටික හොයාගත්තේ එළකිරියේ තිබිල , ඉතිං මේ පින්තුර වල සැබෑ අයිතිය මගේ    නෙවෙයි ,මම කලේ වචන ටිකක් ලියලා පොඩි fun එකක් දෙන්න උත්සහ කරපු එක විතරයි . පින්තුර වල අයිතිය නිර්මාණකරු සතුයි. 

පින්තුර පැහැදිලි නැත්නම්ඒ මත click කරන්න 






 පසුව ලියමි-: itnishantha  කොමෙන්ටුවක් දාල කිව්වේ මේක චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ නරලොව හොල්මන් පොතේ පිටු කීපයක් කියල , පොත ගන්න ලින්කුවකුත් දාල තිබුණා , ස්තුතියි නෙවෙයි බොහොම පිං. මම පොත කියවල තිබුනේ නැහැ දැන්නම් අරගෙන කියවන්න හිතෙනවා .

Monday, August 26, 2013

සිතම ඔබම විය , මා හැරදා ගිය



සිතට හොරා සිතුවිලි සිර

කරගත් 

සිතට ලංව සිත තුරුලට 

අරගත් 

සිතම ඔබම විය 
මා හැරදා ගිය 

සිත යලි තනි විය - නෙත කඳුලක් විය

                                                                                                                 
                                                                                                                     (SUDDA) විසින් .

Sunday, August 25, 2013

ජනාධිපති මාමාට ලියමි 2 (බන්දුල මාමාගේ ආශ්චර්ය )

ජනාධිපති මාමේ ,



අපේ අයියා පට්ටම මිටරයකි.
 අයියා හැමදාම පන්තියේ පලවෙනියාය . අයියගේ කෑල්ල දෙවැනියාය .ඇය පන්තියේ දෙවනියා වන්නේ අයියාගේ පිහිටෙන් බව මුළු ලොවම දන්නේය .පන්ති භාර මිස් නොදන්නේය.මේ රට බඩ්ඩ  නිසා අයියා දවසක හොද මට්ටුවක් වන බව හයක් හතරක් නොතේරෙන මටද වැටහිණි. ඒක වෙනම කතාවකි .



මාමේ , අයියගේ හොඳම යාලුවා වයියා ය ,ඌ නම් මෙලෝ රහක් නැත ,ඉගෙනගන්නේ ද නැත , උට කෑල්ලක්ද නැත, කෑල්ලක් කැමති උනත් ඊළඟ දවසෙම දාල යන්නේ ඌ ළඟ ගස් ගඳ නිසාය. උගේ ගඳ නොතේරෙන ඌ අපිට කියන්නේ මුළු ලෝකෙම කෙල්ලෝ තමන්ගේ සහෝදරියන් මෙන් සිතන බවය . උගේ ගඳ මුළු ලොවම දන්නේ ය , තවමත් ඌ නොදන්නේ ය . ඒ බන්දුල මාමාගේ ආශ්චර්ය නොව වයියාගේ ආශ්චර්යය ය .
වයියා ගස් කාපර් ය
ඌ ගස් කාපර් ය , ගහක ගඩා ගෙඩියක් පෙන්නන්නට බැරිය, දැක්කොත් උට නින්ද යන්නේද නැත , කොහොම හරි කඩන්නේය . සිරී මාමා රඹුටන් කාලෙට ගෙදර ඉන්නේ නැතුව වත්ත මුර කරන්න ගත්තේ වයියාගේ මේ විශේෂ දක්ෂතාවය ඉවසන්නටම බැරි තැන ය . ඌ පොල් ගස් නගින්නේ අපි පාරේ ඇවිදිනවා වගේය. අපේ අයියටනම් කල්පයක් දුන්නත් ගස් නගින හපන්කම නම් කරන්නට බැරි ය . ඌ දන්නේ "නියතයක් වන වයියාගේ ගස් නැගීමේ වේගය ගසේ උස අනුව ආදේශ කර ගහට නැගීමටත්, බැසීමටත් යන කාලය ගණනය කිරීමට" පමණි. මමනම් ඔය දෙකෙන් එකක්වත් දන්නේ නැත .

ඉතිං මාමේ , අයියා පලවෙනි පාර උසස්පෙළ කලේ 2011 දිය, අයියා පට්ටම මීටරයක් කියා ගමම දන්නේ ය . එත් ඌ නොදන්නේය. විභාගය ලියා ඇවිත් අයියා කිව්වේ පට්ටේටම ලිව්වා කියාය. මුළු ගමම විස්වාස කලේ අයියා එකපාරම කැම්පස් එකට වැඩේ දෙනු ඇත කියාය. මමනම් හිතුවේ මු පාස් උනත් කැම්පස් නම් යන්න එපා කියා ය . ඌ කැම්පස් ගියොත් මටත් යන්නට වෙනවා අනිවාර්ය ය . අයියා විභාගයට කලින් කරපු පාස් පේපර්ස් හැම එකටම වාගේ 80-90 ත් අතර ලකුණු තුබුණා මට මතකය . අඩු උනත් අඩු උනේ පිසික්ස්( මොන මඟුලක්ද දන්නේ නැහැ ) වලට විතරක් කියා අයියා කිහිප විටක්ම කියනු මම අසා ඇත. විභාගෙන් පස්සෙද විභාගෙට දුන්න පේපර්ස් වලට අපහු ලිව්වේ ය . A තුනකි . ගෙදර අයටත් පට්ට චුන් ය . විභාග ප්‍රතිපල එනකන් අයියා සැහැල්ලුවෙන් කාලය ගත කළේය. වයියාහේ තත්වය මීට වෙනස්ය. විභාගය ලිව්ව දවස් වල ඉදන්ම උ ගොළුවත රකින්නට පටන්ගතේය . විටෙක භාවනයෝගිව පිටින්නේය , කථා පෙට්ටියද වැහිලා ය . ගම වටේම ගස් වල පොල් වැටී වැටී යන්නේ ය. ගස්ලබු ලේනෝ කන්නේ ය . සිරී මාමා ගස් මුර කරන්න යන්නේ ද නැත. ඌ ෆේල් කියා මුළු ගම ම දන්නේ ය . ඌ ත්  දන්නවා ඇතැයි මටද සිතුණි.


පට්ටම වැඩේ උනේ අයියගේ කෑල්ල ටය , ඒකිට විභාගෙදි අයියා ළඟ ඩෙස්ක් එකක් ලැබිලා නැත, ඉතිං එක ගැන වැඩිය හිතන්න අවශ්‍ය නැතැයි අයියා කිව්වේය .

මාමේ ,කාලය ගත විය . විභාගේ ප්‍රතිපල ඉන්ටනෙට් එකට දැම්ම කියල දවසක් නිවුස් කියන මාමා කෙනෙකු ලෝකෙටම හඬ නගා කිව්වේය , එක ලෝකෙට අහුනදැයි මම දන්නේ නැත , අපේ ගෙදර උන්ටනම් එක නියමෙට අසුනේය . ඒ ගමන්ම අයියා කොම්පීතරේ ඉස්සරහට ගියේ රජෙක් වගේය , හරියට මාමා තනියෙන් ගිහින් ප්‍රභාකරන් මාමාව මරල ආවා වගේ අභිමානයෙනි . යුවරජතුමත් (ඒ කියන්නේ මම)පට ගාල එතනට ලං උනේ පිය රජතුමාත් මව් බිසවත් ඉස්සර උනොත් සීන් එක හරියට බලාගන්න බැරි වෙන නිසාය. බන්දුල 
මාමාගේ www.doenets.lk ත් පැය තුනක් විතර ගිහින් හරි ලෝඩ් උනේ site එකේ speed එක වැඩි නිසාය , 
දෙපාරක් තුන්පාරක් බන්දුල මාමගේ ගරු මෑණියන් මතක් උනත් ඉවසා වදාරන්න යුව රජ හැටියට මම තීරණය කලෙමි . පේජ් එක ලෝඩ් උණි , අයියා අයියගේ නොම්බරය ගසා එන්ටර් කළේය. තත්පට කිහිපයක් ගත උණි .

"රජා බලු උණි"

බලු උනා නොව බින්දුවටම බැස්සේ ය .
ලයිට් කණු ම තුනකි.
කවුරුවත් වචනයක්වත් කථා කලේ නැත , මට මගේ සුමදුර හඬ අවදි කරන්න සිතුනත් අවධි නොකර සිටියේ කොහෙන් කොහාට ප්‍රහාර එල්ල වේදැය් තිබු සැකයත් , එම බිහිසුනු ප්‍රහාර වල ඉලක්කයක් වීමට තිබු බලවත් අකමැත්තත් නිසාය .

ඒ අතරේ වෙන එකෙක් සුරම්‍ය වූ හඬක් අවදි කලේය .
"අඩෝ ...! මම පාස් බන් . දොර ඇරපිය "  වයියා අපේ දොරට තඩිබබා  ජාතිය අමතන්නේ ය. වෙලාව පාන්දර 2 ය . 
මූ පාස් ???

මම බලු වූ රජාගේ මුණ දිහා බැලුවේ හද පත්ලෙන්ම නැගුනු සහෝදරාලයෙනි .



ඒ බන්දුල මාමාගේ ආශ්චර්යය ය .පට්ට මීටරයක් වූ අපේ අයියා ෆේල් උනෙත්, ගඩා ගෙඩි කඩ කඩා පිස්සු කෙලපු වයියා පාස් උනෙත් මාමාගේ ආශ්චර්ය ය නිසා ය . බන්දුල මාමාගේ ආශ්චර්ය පට්ට ය , එකෙන් ෆේල් වෙන්න ඉන්න උන් පාස් වෙන්නේ ය , පාස් වෙන්න හිටපු උන් ෆේල් වෙන්නේ ය . තියරිය පට්ටය එහෙත් කැතය .බන්දුල මාමාගේ ආශ්චර්යයත් නිකන් 2500 න් මාසයක් කැවා කියූ මාමාගේ ගොන් ටෝක් වගේ ය .



ඊට පස්සේ මාමේ අපේ අයියා ගොළුවත රකින්න පටන් ගත්තේය . අයියා ට සසර කලකිරී ඇති බව අයියගේ දින පොත හොරෙන් කියවූ මට දවසක් දකින්නට ලැබුනේ ය . මා සිතුවේ අයියා ළඟදීම දවසක අභිනික්කමනය කරනු ඇත කියා ය (ගියානම් ශාසනය ඉවරය, මූ අභිනික්කමනයටත් භෞතික විද්‍යාත්මක නියමයක් සාදනු ඒකාන්තය ) . එවිට මට තනියම කාමරයම අයිති කරගැනීමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුනේ ය. අයියා ගියේ නැත . අයියා 2012 විභාගය ලිව්වේ නැත . දැන් 2013 ලියන්නේ ය .

මම මාමාගෙන් ඉල්ලන්නේ මෙච්චරය , අයියා පව් ය , ඊට වඩා බන්දුල මාමාගේ අම්මා පව් ය , බන්දුල මාමාගේ ආශ්චර්ය පෙනුන හැම එකාම මතක් කරන්නේ බන්දුල මාමාගේ ගරු මෑණියන්ව ය . එක නිසා බන්දුල මාමාට එයාගේ ආශ්චර්ය මේ පාරට විතරක්වත් පෙට්ටියක දාලා පරිස්සම් කරගන්න කියන්නේ බන්දුල මාමාගේ අම්මා ගැන ඇති වූ දයානුකම්පවෙනි . එක නිසා මාමාගේ ආශ්චර්ය මේ සැරේ ඕනේ නැත .

                                                                                                     මිට                                                                                         (SUDDA)

Friday, August 23, 2013

ජනාධිපති මාමාට ලියමි

ජනාධිපති මාමේ,




    යුද්ධය ඉවර උන සතුටට ගමේ අය්යලා රතිඤඤ පත්තු කළේය ,මල් වෙඩි දැම්මේය,. අපේ තාත්තා ඉස්සර
  අලියෙකි . ලොකු අලි මාමලාගේ අලි කථා බලන්න අපිවත් එක්කන් යනවා මට යන්තමට මතකය . යුද්දය සියල්ල වෙනස් කළේය . මාමාය්  මාමගේ මල්ලියි යුද්දේ ඉවර කරට පස්සේ තාත්තත් බුලත් කන්න පටන් ගත්තේය ,, ඒ කුරුතගුන දක්වන්නලු ,, ඒ කුනුහප්ප මට තේරෙන්නේ නැත . තාත්තත් එක්ක අලි ගොඩක් බුලත් කන්න සෙට් උනේය. තාත්තලා පැන්න ගමන් මාමා උඩින්ම දිනුවේය . අපේ ගමේ මාමල ගොඩාක් බුලත් කන්න පුරුදු උනේ යුද්දේ දිනුවාට පස්සේ ය.
                     අපිටද මාර චුන් ය . අපි දෙපිල බෙදී යුද්ද කළෙමු . මම ජනාදිපති මාමය . ජනාදිපති මාමා  යුද්දෙට යන විදිහ හිතින් මවාගත් මම තුවක්කුවක් හැඩේට ලීයක් කපා ඉනේ ගහ ගත්තෙමි , සරත් පොන්සේකා මාමට අරලියගහ යට තිබුන සෙල්ලන්ගෙදර ඉන්න කිව්වෙමු . සරත් පොන්සේකා මාමාට ඇන්දේ මගේ යාළුවෙකි. මගේ හොදම යාලුවා ඇන්දේ ගෝඨාභය මාමගේ චරිතයටය එයාටත් මට වගේම තුවක්කුවක් කපා ඉනේ ගැහුවේය . යුද්ද කරන්නේ අපි දෙදෙනා පමණි ,, මාමලාගේ tv එකේ කථා වල විදිහට අපි ගිහින් ප්‍රභාකරන් මාමාව මරුවෙමු ,,,ෆොන්සේකා මාමාව පැත්තටවත් ගත්තේ නැත,  ඒක වෙනම කතාවකි .

                             කොහොමින් කොහොමින්හරි අපේ අයියද 21 පැන්න ගමන් බුලත් කන්නට පුරුදු උණි . ඒ විදිහට අය්යාගේ යාලුවෝ හැමෝමත් බුලත් කන්න පුරුදු උණි . මට පව් කියා සිතුනි , වැඩිපුර බුලත් කෑම මුඛ පිළිකා ඇතිකරනවා කියල TV එකේ දොස්තර මාමා කෙනෙක් කියනවා මට මතකේ තිබුණි .


                සමහරු බුලත් කෑමෙන් පමණක් නතර උයේ නැත ,බුලත් කන ගමන් කඩේ යන්නද පුරුදු උනේය. සරත් මාමාද එහෙම කඩේ යන්න පුරුදු උන අයගෙන් කෙනෙකි . එයත් ඉස්සර අලියෙක් කියා මට මතකය . දැන් එයා කන්නේ බුලත්ය. ගමටම ෆැන්ටා බෙදන්නේ සරත් මාමා ය . සරත් මම ෆැන්ටා සැසේ පැකට් ද
විකුණයි . රුපියල් 50 ට 200 ට සරත් මාමාගෙන් සැසේ පැකට් ගන්න පුළුවන් කියා සුමනේ අයියා කියනවා මම අහගෙනය .
සරත් මාමගේ ෆැන්ටා පොට් එක

සුමනේ අයියා සරත් මාමාගේ හොඳම කස්ටර්මර් ය . සුමනේ අයියාගේ ගේ වෙලෙන් එගොඩය . අපි වෙලේ බෝල ගහන දවස් වල සුමනේ අයියා වෙරි වෙලා වෙලේ යනවා දකින්නෙමු .ඒ වෙලාවට සුමනේ අයියාගේ කටේ තියෙන්නේ මාරු වචන සැට් එකකි .ගමේ හැමෝගෙම අම්මලා ඔහුට මතක් වෙයි . දෙමාපියන් ගැන හිතන එක හොඳ වැඩක් කියා අපේ ටීචර් කිව්වාය . ඒ අතින් බැලුවාම සුමමේ අයියා හරිම හොඳය , එයාට මුළු ගමේම අම්මල ගැන මතක් වෙන්නේය. අපිත් දවසක ෆැන්ටා බී වෙරි වෙලා වෙලේ යන ගමන් මුළු ගමේම අම්මලා ගැන විතරක් නොව තාත්තලා ගැනද හිතන්නට ගන්නා බව එක සිතින් සිතාගත්තෙමු .

       එත් ඉස්සර මෙහෙම නැත . සරත් මාමා අලියා කාලේ මාමාගේ ෆැන්ට පොට් එකට හැමදාම පොලිසියේ මාමලා පනින්නේ ය .සරත් මාමා සරම කරේ තියාගෙන ෆැන්ටා බැරල් එක ඔලුවේ තියාගෙන ගම හරහා දුවන්නේ ය . සතියකට සැරයක් පොලිසියේ මාමලාගේ jeep එකෙත් ගෙන යන්නේය. ඒ ඇයි කියා සුමනේ අයියගෙන් ඇසු විට ඔහු කිව්වේ පොලිස් මාමලා සරත් මාමගේ හොඳ යාලුවෝ නිසා සතියකට සැරයක් jeep එකේ trip එකක් එක්කන් යන බවය . පව් දැන් සරත් මාමා එයා බුලත් කන්න පටන් ගත්තු දවසේ ඉදන් පොලිසියේ මාමලා එයත් එක්ක තරහ වෙලාද කොහෙද . අත් බේතකටවත් පොලිස් මාම කෙනෙක් ෆැන්ට පොට් එක පැත්තේ යනවා ඉන්පසු අප දුටුවේ නැත .
                        
                                                                                මීට ,
                                                                                  (SUDDA).

ඔයාලත් බැලුවද ගල දනවෝ වීඩියෝ එක ?? Medhani Deshapriya ගේ EX-Elien වීඩියෝ එක

මෑත කාලයේ youtube පුරා ජනප්‍රිය වූ මෙම ගීතය නොබැලු කෙනෙකු සොයාගත නොහැක ( බැලුවේ නැත්තන් මෙතන ක්ලික් කරන්න )

 

1012 ඔක්තෝම්බර් 30 තමා මේක අන්තර්ජාලයේ විකාශය උනේ ,ඊට පසු දින උදැසන වන විට මෙම වීඩියෝව නරඹා තිබුනේ 15000 ක් පමණි . නමුත් නොවැම්බර් 1 වන විට මෙම වීඩියෝව 115000 කටත් වඩා නරඹා තිබුණි . පැය විසිහතරක් ඇතුලත ලංකාවේ සංගීත වීඩියෝවක් මෙතරම් ප්‍රමාණයක් නැරඹු පළමු අවස්ථාව ලෙස වී ලීක්ස් youtube චැනලය වාර්තා කළේය  


 එමෙන්ම නොවැම්බර් පළවැනි දින වන විට කොමෙන්ට් 4000-5000  අතර විය , සාමාන්‍යයෙන් මෙය youtube video එකක් ලබාගන්න විශාලම ජයග්‍රහණයකි ,එහෙත් මෙම වීඩියෝව කොමෙන්ට් වැඩි උනත් ලබාගෙන ඇත්තේ අන්ත පරාජයකි . ඒ වීඩියෝවට ලැබුන චොමෙන්ට් වලින් 100% කම දෝෂාරෝපණ පමණක්ම වීම නිසාය .මෙම කොමෙන්ට් ද වීඩියෝව මෙන්ම අපුරුය . එම නිසාම කොමෙන්ටු කිහිපයක් උපුටා දක්වන්නෙමු .

"ආයෙත් මේ වගේ වැඩ කරන්න හිතන්නවත් එපා "

" පිං සිද්ද වෙයි නංගි මේ කරගත්තු පුණ්‍යකර්මයට , මම දැන් porno බලන එක නවත්තල ඔයාගේ song එකේ comment කියවන්න පටන් ගත්ත "

"This is Bullshit !! woman ! Get a life ! music is suppose to heal people , not kill them !! "

" මොන හු*** ක්ද ඔයි මේ "


"හරිම ලස්සන සින්දුවක් නගා , ඔයාගේ ඇල්බම් එකක් එන්නැද්ද ?? ලිපට දාන්න ? "

"මියෝ එළවන්නනම් නියම බඩු  කෑල්ල , පේමන්ට් එකේ විකුනුවනම් හොඳ ඉල්ලුමක් තියෙයි "

"ගල දනවෝ......ගල දනවෝ ???? මොන ගලද දන්නෑ නේද ?  "

"මේකිට BMW එකක ගිහිල්ල ගල දනවලු ...hiks "

මෙවැනි කොමෙන්ට් දහස් ගණනක් Ex-Elien වීඩියෝව සඳහා ලැබී තිබුණි ,


මෙම වීඩියෝව සැදෙන්නේ මහනුවර VIB LAB නමැති ශබ්දාගාරයේ ය . නිර්මාණකරු තරංග රත්නායක නම් සංගීත ශිල්පියෙකි . ඔහු පවසන පරිදි ඔහු මේ වීඩියෝව සමග සම්බන්ද වී ඇත්තේ අත්හදාබැලීමේ අරමුණෙනි . වී ලීක්ස් වෙත තම අදහස දක්වමින් පවසා සිටියේ එම ගීතය ගායනා කරන ලාබාල තරුණිය ඇමෙරිකානු සුප්‍රකට ගායිකා Rebecca black අනුකරණය කල බවය . වැරැද්ද ඇත්තේ එතැනය , Rebecca ගේ ගීත නොඅසා තිබු අප ගීත කිහිපයක් රුප රාමු සහිතවම නැරඹුවෙමු . වරදක් නැත ඉතාමත් වටින සංගීත ආරකි , මනාව ඇගේ හඬ ඒ ශෛලියට ගැලපුණි . එහෙත් මෙධානිගේ පැත්තෙන් ගත විට මෙධානිගේ හඬ මෙම ශෛලිය සමග කෙසේවත් ගැලපෙන්නේ නැත , මෙපමණ අප්‍රසාදයට ය නතු වෙන්නට හේතු වුයේ ද  ඒ හේතුවමය . සුද්ද සිංහලෙන් කිව්වොත් බැරි මගුල් කිරීමය, තමන් ප්‍රිය කරන පලියට ,සල්ලි තිබෙන පලියට කෙනෙකුට ගායකයෙකු හෝ ගායිකාවක් විය නොහැකි බව මේ වීඩියෝ එකෙන් මණාව පෙනෙයි. එසේ බැලු විට ඇය කර ඇත්තේ rebecca ගේ ගීත ශෛලිය මරාගෙන කෑමකි .



මෙධානිගේ මෙම ගීතය youtube හි මෙතරම් ප්‍රසිද්ද උනේ එය "ජනප්‍රිය " නිසා නොවේ , "ජන අප්‍රිය " වූ නිසාය. ratings උනේ මොන හු ** ක්ද මේ කියා මෙම වීඩියෝව බැලීමට ඒවාට රොක් වන තරුණයන්ගෙනි . එක පාරක් video එක බලු අයෙක් තවත් වරක්නම් ඒ අමාරුවේ වැටෙන්නේ නැත , ඔවුන් යලිත් මෙම වීඩියෝව youtube හරහා open කර Video එක pause කර ,කොමෙන්ට් පමණක් බලයි. වීඩියෝව pause කර කොමෙන්ට් පමණක් කියවා ආතල් ගත් යුගයේ ශ්‍රී ලාංකීය ගීතය ලෙස රන් අකුරින්  ලියවෙන්නේ පුංචි මෙධානිගේ ගල දනවෝ වීඩියෝව ය .


සුප්‍රසිද්ද youtube චැනල් එකක් වන KushanSrimalShow එකේ ශිල්පින් විසින් විවිධ වීඩියෝ , කෙටි චිත්‍රපට නවමු ආකාරයට ඉදිරිපත් කරයි , ඔවුන්ටද පුංචි මෙධානිගේ වීඩියෝව පට්ට ආතල් එකක් දී ඇති ආකාරය youtube පුරා සැරිසරන සැම කෙනෙකුටම දැකගත හැක . මෙධානිගේ EX -Elien වීඩියෝවට උපහාර පිණිස Ex-Alien & Us යනුවෙන් වීඩියෝවක් තැනෙන්නේ  ඒ ආතල් එකේ ප්‍රතිපලයක් ලෙසය. උපහාරයද පට්ටටම දී තිබේ .


මෙධානිගේ කොමෙන්ට් බුරුතු අතර ප්‍රසිද්ද මධ්‍යයේ ප්‍රකාශ කල නොහැකි ගනයේ කොමෙන්ට් ද නැතුව නොවේ . කුනුහරුපයක් දෙකක් පැවසීම සාමාන්‍යය ය , එය මනුස්ස ස්වභාවය ය .සිංහලෙන් කුණුහරුප කියන්නේ නැති එකා ඉංග්‍රීසියෙන් fuck කියන්නේ ගණනකටවත් නැතිවය. එහෙයින් කුණු +හරුප කීම සාමාන්‍ය ය . එහෙත් මෙධානිගේ ලාබාල කම ගැනවත් නොසිතා විවිධ අසැබි ආරාධනා වලටද සමහරු පෙළඹී තිබෙනු කොමෙන්ට් බැලීමේදී පෙනේ. කෙතරම් මෙම වීඩියෝවට බැන්නත් අපි එය අනුමත නොකරන්නෙමු . අදහස් පල කිරීම නීති මගින් යටපත් කල හැක්කක් නොවේ , එක අතකින බැලු විට මේවා සියල්ල මේධානි විහින් කරගත්තු ඒවාය . ජනතාව තුලට ගමන් කරන, ප්‍රේක්ෂකයින් වැළඳගන්නා ( අඩුම තරමේ අහගෙන ඉන්න පුළුවන් ) සින්දුවක් සහ ඊට සරිලන වීඩියෝවක් කලානම් මේ පුංචි කෙල්ල අප අතරේ ආදරණිය චරිතයක් වන්නට ඉඩ තිබුණි . එහෙත් ඇය කලේ අනෙකකි .

ඇය මේ කොමෙන්ට් ගැටලුවට ගත එකම පියවර COMMENTපහසුකම ඇගේ විඩියෝවෙන් ඉවත් කිරීමය.එය නිකන් " හිසේ රුදාවට කොට්ටය මාරු කිරීම" වැනිය .



විමසුම පිටපත ,       
(SUDDA)විසිනි .

Thursday, August 22, 2013

කරුමයකි ඔබ නිහඬ මැදියම් රෑ


කියල , එකෙක් ලෝකෙටම ඇහෙන්න කෑගහල කියනවා අස ඇත්තේය , ඒ ඌ ගැන ඇති වූ සානුකම්පිත මානුෂිය හැගීමෙනි , විටෙක ඌ ගැන දුක හිතුනේය ,පව් කියා සිතුනේය , උට වඩා වාසනාවන්තයෙක් යැයි අභිමානයෙන් සිටියේය , ඌට අත්වූ සෝචනීය ඉරණම අත්වේයැයි සිහිනේකුදු නොසිතුවේය ,සියල්ල සැනින් වෙනස් විය

සැබෑම කරුමයකි නිදාගන්න දෙන්නෙම නැත්තේය .අමතක කර කෙතරම් ඇස පියාගැනිමට උත්සහ කලද මවෙන්නෙම ඒ රුවමය.වැඩේ කෙලවී හමාරය .ලෙඩේ බෝ වෙන ලෙඩකි , දැන් නින්ද යන්නේ නැත
ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ


" ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ "
ඒ මෙම ලෙඩේ බෝ වූ තවත් එකෙකි . ඒ අසරණයා විඳින දුක ද දැන් වටහාගැනීමට අපහසු නැත .

බලන බලන හැමතැනම මැවෙන්නේ ඒ රූපයම ය .එම රුපය අමතක කිරීමට පට්ටම අමාරුය . කොට්ටය බදාගෙන,අතපය අකුලාගෙන, දිගැරගෙන , රෙද්ද පොරෝගෙන , බැරිම තැන රෙද්ද එලාගෙන මෙට්ටේ පොරෝගෙන නිදාගන්න හැදුවේය . හරියන්නෙම නැත .
එම රුපය මගේ ලග දැන් දැන් නැත .ඉටි රුවක් මෙන් නොවුවත් සාමාන්‍ය සරල සුන්දරත්වයක් ඒ රුපය තුල තිබුණි . ඒ රුපය මෙච්චර වධ දේවී  යැයි නොසිතිනි ,

ෆාමසියේ අක්ක බර ෆිට් ඒකකය .එහෙත් රිසිට් එකක් නැතුව ඇය බෙහෙත් දෙන්නේ නැත . අක්කා දුන්නත් අක්කගේ බොසා දෙන්නේ නැත ,බොසා අමුතුම පොරකි . ඌ වෛද්‍ය අනුමැතිය නැතුව දෙන්නේ Corex-D පමණි . ගමේම පැණි ඉල්ලුමට සරිලන සැපයුම සාර්ථක ලෙස දෙන්නේ ඌ ය .එයත් ලෙහෙසි නැත ෆාමසිය තුලදීම එය පානය කිරීම අනිවාර්ය ය . බොසා D වලට අමතරව අනිත් ඒවත් දුන්නනම් නිදි පෙති දෙක තුනක් ඉල්ලගන්නට තිබුනේය .නිදි පෙත්තක් තිබුනේනම් වැඩේ ගොඩය .පොඩි එකා කාලේ ආච්චිගේ නිදි පෙති 3ක් එකවර ටෙස්ට් කර දවස් තුනක් නිදාගත්තා මතකය ,,එහෙයින් වැඩේ හරියනවා නිසැකය .

එහෙත් කරුමයටම ෆාමසියේ බොසාට රිසිට් නැතුව දෙන්න හිතෙන්නේ COREX-D ම පමණි .

සිහිනයක් සේ හොරෙන් ඇවිදින්

මම ගොඩක් කාලෙකට කලින් අහපු සින්දුවක් , මාර ලස්සන මෙලඩි එකක් තියෙන ලස්සන සින්දුවක් .එත් තවම මේක කිව්වේ කව්ද lyrics කාලේ කව්ද කියල හොයාගන්න බැරි උන අඩුම තරමේ මේ සින්දුවවත් හොයාගන්න බැරි උනා , හොයාගන්න පුලුවන උනානම් කොමෙන්ට් එකක් දාන්න

සිහිනයක් සේ හොරෙන් ඇවිදින්

සිහිනයක් සේ හොරෙන් ඇවිදින් - සිහිනයක් වී හිතේ රැඳෙමින් ..//
මගේ හිත්මල පුරා සක්මන්
කලේ නුඹමයි - නුඹ විතරමයි
නුඹ විතරමයි - නුඹ විතරමයි
පුරා සක්මන් කලේ නුඹමයි

කලා සපිරුණු සරා සඳ ලොව - එකලු කල විලසින්
නුඹ මගේ ලොව එකලු කල සඳ මගේ ළඟ රැඳෙමින්
මැවූ දහසක් සිහින බොඳවී ඇත කඳුළු කැට වී
දුක දරා එමි නුඹට පව් නැහැ යන්න නුඹ වෙන් වී

සිහිනයක් සේ ...........

ඉර ගිහින් සඳ ඇවිත් දිලෙමින් - අහස නැත තනි වී
නුඹ ගිහින් යලි කෙසේ එන්නද මසිත ඇත තනි වී
ඉතින් හමු වුව දිනෙක ඔබේ රුව මගේ නෙත් මානෙන්
සිනාසෙනු මන එදත් අද මෙන් නෙත් කොනින් බලමින්

වතුර + තිබහ = උණ්ඩ

මා  ගෙදර එන ගමනය . මැරෙන්න තිබහය . එහෙත් වතුර ඉල්ලිය නොහැක. වතුර ඉල්ලී පිරිසකට ලඟදී වෙඩි තිබ්බා මට මතකය .

 මම ජිවිතයට ආදරේ ය . මට තවම විස්සය . දැන්ම මැරෙන්නට බැරිය , වෙඩි කන්නට උනොත් මැරෙනවා අයෙත් දෙකක් නැත . තිබහ ඉවසන්නට බැරි තැන සෙනග නැති කඩේකට ගොඩ විය .

" අයියේ වතුර තියෙද ?" ඉතාමත් රහසින් කඩේ අයියාගෙන් ඇසුවේය.
"මල්ලි වතුරනම් නැහැ . බීම ටිකක්නම් ෆ්‍රිජ් එකේ තියෙනවා " කඩේ අයියා බොර දියේ මාළු බෑමට සැරසුනේය .
"නෝ තැන්ක්ස් අයියේ , මම සල්ලි ගෙනාවේ නැහැ " මම  ඇඟ බේරාගත්තේය .

සැන්දෑ හිරු කිරණ පොලවට සෙමෙන් සෙමෙන් පතිත වේ .අවට සිරි නරඹන මානසික මට්ටමක මා මේ වෙලාවේ නැත . මැරෙන්නට තිබහ ය . කොතරම් තිබහ උනත් වතුර ඉල්ලිය නොහැක . ඉල්ලුවොත්  වෙඩි කන්නට සිදු වනවාම ය .

පලවෙනි අඩිය

බ්ලොගය පටන් ගැනීමට විශේෂ වූ අරමුණක් තවම සිතාගත නොහැක ,අනිත් උන් කරන නිසා මේක පටන් ගත්තාද ?? නැත්තන් ගෙදර වෙන වැඩ නැති නිසා time pass කරන්න මේ බ්ලොග් එක පටන් ගත්තද සිතාගත නොහැක ,,කුඩා කල පටන් අප කොපි කිරීමට උපන් හපන්නු වීමු . විභාගයකට උනත් කොපි කිරීමෙන් දක්ෂතා පෙන්වීමට හැකියාව උපතින්ම රැගෙන ආවෙමු , සමහර විට ෆුල් සිංහල බ්ලොග් එකක් කරන්න එකත් එක හේතුවක් වෙනවා වෙන්නට පුළුවනි. "අනිත් උන් කරන නිසා >>????" ........