6 වසරේ සිට,
මම පුංචි පහේ ශිෂ්‍යත්වය සමත් ව *****ව මධ්‍ය විද්‍යාලයට පලවෙනි දවසේ ගියේ තාත්තත් සමගය,, ඉස්කෝලේ මම හිටිය ප්‍රයිමරි ඉස්කෝලෙට වඩා පට්ට ලොකුය, මුළු ප්‍රයිමරියම අලුත් ඉස්කෝලේ පිට්ටනිය තරම් ය ,
6 යේ පන්ති තිබුනේ පාසැල කෙලවරේ ය . උදේ පාන්දර එක්සයිස් ඕනෙම නැත, පන්තියට යන ටික හොඳටම ඇතිය. කොහොම හරි පන්තියට යන ටිකට මට දැනුනේ කොළඹ ඉඳන් වේයන්ගොඩ අවා වගේ ය . හොඳම වැඩේ උනේ පන්ති ගාවට ආවට පස්සේ ය, 6 යේ පන්ති තිබුනේ 3න් වෙනි තට්ටුවේය. අන්තිමේ මම පන්තියට ගියේ තාත්තගේ කරේ ය.
පන්තියේ එච්චර කට්ටියක් හිටියේ නැත. හිටියේ කෙල්ලෝ තුන් හතර දෙනෙකුත් කොල්ලෝ හය හත් දෙනෙකුත් විතර ය.
මට මුලින්ම සෙට් උනේ කුකුළා ( පසු කාලීනව මුගේ ක්‍රියා කලාප නිසා වැටුන නමක්,, කෙලින්ම නම දාන එක හරි නැහැනේ) ය. අනිකා පෙත්තා ය. පෙත්තට වඩා කුකුළා බෙහෙවින් වෙනස් ය(කුකුලට කරමලක් ඇත පෙත්තට කරමලක් නැත). කුකුළා ආපු පලවෙනි දවසෙම කෙල්ලෙක් පස්සේ වැටුනේ ය. ඒ ගැන ඉඟි වැටුන මගේ පියා අවධාරණය කලේ මුව , අතේ දුරින් ආශ්‍රය කරන ලෙස ය. පසු කාලීනව කුඩ පහරවල්, සෙරප්පු පහරවල් වල පහස විඳීමට කුකුළා වාසනාවන්ත වූ බව මට මතකය.
![]() |
| කුකුළා |
ඔහොම කාලය ගෙවුනේ ය. එක එකා එක එක විධිහ ය. හැමෝම හිටියේ උන්ගේ ලෝක වල ය. පන්ති භාර *නෙල් මිස් හැම ගණන් පාඩමක දීම "තොපි මොන ලෝකෙද ඉන්නේ " කියා අහන්නේ අපගේ පුංචි පහේ සිත මැනවින් වටහාගත් නිසා ය. එතනිනුත් හොඳම මනෝ කාරයා "නිරාජ " යා ය( මුගේ නම කිව්වට අව්ලක් නැහැ ,, මු ආත්මෙට මේක කියවන්නේ නැහැ) . අනිකා මේ බ්ලොග් එක ලියන එකා ය. හැබැයි නිරාජයා එක්ක මනෝ ගහන්න එකෙට්ටවත් බැරි ය. උ ඒ තරම් මනෝ ඩයල් එකක් ය.
![]() |
| කාර් එක වල දානකන් මයිකල් හාදයා මොන බම්බුවක් |
අපේ සෙක්ෂන් එක ගාව කුඩා පස් කණ්ඩියක් තිබුනේ ය. එකල 6-7 ශ්‍රේණි වල උදැසන රැස්වීම තිබුනේ එම ස්ථානයේ ය .(දැන් එතන පුස්තකාලෙකුයි, තඩි ටොයිලට් එකකුයි හදල).
නිරාජයා දවසක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඒ පස් කන්ඩිය යට ඇමරිකාවේ FBI ආයතන විසින් අති රහසිගත ලෙස Knight Rider කාර් එක වල දමා ඇති බව ය . අනිත් මනෝ කාරයෝ සෙට් එකත් එය එක හෙලා අනුමත කලේ එය කෙසේ හෝ සොයාගැනීමේ අභිප්‍රාය මතය. ඇමෙරිකාව විසින් ලංකාව ආක්‍රමණය කිරීමේ පළමු පියවර ලෙස එම සුපිරි කාරය අපේ ඉස්කෝලේ වල දැමු බවට ඌ වැඩි දුරටත් පැවසුවේය ය. කාර් එක වල දානකන් මයිකල් හාදයා මොන බම්බුවක් කලාදැයි මට තවම සිතාගත නොහැක, අනික එවැනි තර්කයක් ගොඩ නොනගන්නට තරම් නිරාජයාගේ බේගල් අපේ හිතට කාවැදී තිබුණි. අපේ මනෝ කාරයොත් මේ ගල් කෙප්ප පිළිගත්තේ හාමුදුරු කෙනෙක්ගෙන් බන අහනවා වගේය (මාත් එතන හිටියා, හිටියේ නැහැ වගේ ලියනවා :D ).....
මතු සම්බන්දයි..
තව තියෙනවා පස්සේ ලියනවා.. එන්න එන්නම යුනිකෝඩ් එක මට කින්ඩි දානවා වැඩියි. ඉස්සර වගේ නෙවෙයි.












