Sunday, December 22, 2013

කොම්පියුටරයෙන් මදුරුවන්ට තිත තියමු....

ආපහු ජිවිතේ මුල ඉඳලම පටන් ගන්න තීරණය කලා...(මුල ඉඳල කිව්වේ මොන්ටිසෝරියේ ඉඳල ඉස්කෝලෙ යන එක නෙවෙයි).. කොහොමත් ලිඳට වැටුණු මිනිහ ගොඩ එන්න ඕනේ ලිං කටින්මලුනේ... ඒක නිසා දැහැමෙන් සෙමෙන් වැඩ කරන එක ඇඟට ගුණයි.. තියෙන තදියමට වැඩ කරන්න ගිහිං තමයි මේ හැම දේම ... ඉතින් සැරෙන් සැරේ තමයි බ්ලොග් එක පැත්තේ එන්නෙ දැන්... සිංහලෙන් ටයිප් කරනවා කියන්නේ වහ කනව වගේ ... යන්තං යුනිකෝඩ් එකේ පිහිටෙන් පට පට ගාල ටයිප් කරගන්න පුළුවන් දැන් ...

ඔයා කොම්පිතරේ ඉස්සරහ වාඩි වෙලා ගේම් එකක් ගහද්දි මදුරුවෝ කෑවොත් මොනවද හිතෙන්නේ... මදුරුවගෙ අම්ම විතරක් නෙවෙයි පරම්පරා දහයක් විතර මතක් වෙනවා නේද....


මම අද වෙබ් එකේ එහෙ මෙහෙ යද්දී මරු බඩුවක් හම්බුනා...(වැරදියට හිතන්න එපා ඒ බඩු නෙවෙයි :)  )..... මාත් හොය හොයා හිටපු දෙයක් ... මදුරුවෝ එලවන සොෆ්ට්වෙයා එකක්... 


මමත් ඩවුන්ලෝඩ් කරගත්ත ඒත් තවම ටෙස්ට් කලේ නැහැ හරි ගියොත් ගොඩ .... මුන් කියන හැටියටනම් වැඩේ හරියනවලු... අපිට ඇහෙන්නේ නැති ultra sound එකක් ස්පිකර් හරහා දීල මදුරුවෝ පන්නනවලු වැඩ කරනවද කියල බලාගන්නනම් බැහැ (අපිට ඇහෙන්නේ නැහැලුනේ :P ) කොහොමහරි ඔන් කරද්දී පොඩි සද්දයක් එනවා එච්චරයි... ම් එහෙනම් බාගෙනම බලන්නකෝ

මේ තියෙන්නේ උන්ගෙ සයිට් එක...(මුන්ට මාර අව්ලක් මදුරුවෝ එක්ක තියෙන්නෙ )


මෙතන ඔබල බාගත කරගන්න ("බාගත" කිව්වට බය වෙන්න එපා ඉස්කෝලෙ කාලේ IT පොතක තිබුනේ...කුණුහරුප වගේ)

 

එහෙනම් කට්ටියට මලින් බර, ඵලින් බර සුබ දවසක් වේවා.

2 comments: