ලිනක්ස් ගැන පම්පෝරි ගහන අයට ලියන්නෙ(පම්පෝරි ගහන අය කිව්වෙ ලිනක්ස් තමයි හැමදේම කියල හිතන් ඉන්න අයට ,ලිනක්ස් develop කරන අය වරදවා වටහාගන්න එපා). ලිනක්ස් හොඳ ඇති ඒත් ටිකයි . developersලට, තමන්ට ඕනෙ විදිහට OS එක කස්ටමයිස් කරන්න ඕනේ අයට, ෆැන්සි ලුක් එකට කොම්පියුටරේ පාවිච්චි කරන්න ඕනෙ අයට එහෙමනම් මේක හොඳයි. ටිකක් බර මෘදුකාංග (3D max , After Effect , Vegas, Nuke , වගේ) එවටනම් ලිනක්ස් අන්තිමයි. සුදු අලි වගේ නිකං වීඩියෝ එකක් බලන්න , සින්දුවක් අහන්න , එක එක ගැජට් දාන්න කැමති උන්ටත් (මට පොර ටෝක් දුන්නු එකත් මේ වගේ පොරක්) මේක හොඳයි. ගේම් ගහන උන්ටත් මේක හරියන්නෙ නැහැ.wine වලින් දාගත්තත් ගේම් වලට ඕනෙ කරණ අප්ඩේට්ස්, පැච්, පරිවාර සොෆ්ට්වෙයාස් මේකේ වැඩ කරන්නෙ නැහැ හරියට.
මට පෝර ටෝක් දුන්නු එකා කිව්වෙ windows , mac-Os දෙකටම වඩා ලිනක්ස් හොඳයි, windows වලට එන හැම සොෆ්ට්වෙයා එකකටම හරියන්න ඇප්ලිකේෂන් ලිනක්ස් වල තියෙනව , මාර ලස්සනයි, mac වලටත් වඩා හොඳයි කියල. ඉතින් මම ඇහුවේ මම use කරණ 3D max , After Effect ,photoshop , වගේ සොෆ්ට්වෙයාස් වලට විසඳුම් තියෙනවද කියල,, ඌ කියනව තියෙනවලු, ඉතින් මම ලිනක්ස් ගහල බැලුව windows පැත්තකින් තියාගෙනම.. ගැහුවට පස්සේ තමයි හිතුනෙ මොන &*&**&ක් ද කියල. හැබැයි ලිනක්ස් කියන තරම් ස්පීඩ් එකනම් තියෙනව,, ඔන් වෙන්න ටිකක් වෙලා ගත්තට ඔන් උනාට පස්සේ පට්ටම ස්පීඩ් .. ඉතින් ඔන් කලාට පස්සෙ මම aplications වලට ගිහිං බැලුව වැඩේ ඇත්තද කියල,, ඇත්ත තමයි නැති මගුලක් නැහැ, 2.563GB වල තියෙන්න පුලුවන්ද කියල හිතෙන තරම් aplications ගොඩක් තියෙනව. ලස්සන අතිනුත් සුප්පා . එක desktop එකක් වෙනුවට desktop කීපයක්ම තියෙනව... මරු ඉතින්,, අර ඉස්සර ලිනක්ස් වල තිබුණු ගොන් පාර්ට් එකත් නැහැ.. හැබැයි එකක් කියන්න ඕනෙ අරු කිව්වා mac එකට වඩා හොඳයි කියල, ඒත් mac එක එක්කනම් ලං කරන්නවත් බැහැ , mac වල වගේ awesome ඇනිමේෂන් තිබුනට mac තරම් smooth නැහැ.. mac වල වැඩ කරනකොට windows වලට වඩා දැනෙන ගතිය ඒක නිසා දැනෙන්නෙ නැහැ. ඒ අතින් තව ගොඩක් දුර ලිනක්ස් වලට යන්න වෙනවා.
මේ සේරම බලල මම ග්‍රැෆික් වල තියෙන සොෆ්ට්වෙයාස් එකින් එක අරගෙන බැලුව සාමාන්‍ය , වෘතීමය නොවන වැඩක් කරගන්න පුළුවන් ,, ඒත් adobe , autodesk තරම් සුපිරි නැහැ. ඊට පස්සේ මම බැලුවේ wine වලින් photoshop දාල බලන්න , වැඩේ හරි install උනා.. කිසි කේස් එකක් නැතුව වැඩත් කරනව .. ඊට පස්සේ මම මගේ 3rd party plug-ins දාන්න බැලුව , ම්හ් ඒවා මේකේ වැඩ නැහැ,, after වලටත් එහෙම්මමයි . max නම් දාන්න ගියෙ නැහැ වැඩක් නැහැ කියල දැනගත්තු නිසා..
ඉතිං ලිනක්ස් යුස් කරන නියම පණ්ඩිතයෝ නෙවෙයි නිකං ඔලුව උදුම්මවාගෙන ඉන්න හාල්පාරුවන්ට කියන්න පුළුවන් ලිනක්ස් තමයි හොඳම කියල, හැම windows සොෆ්ට්වෙයා එකක්ම යුස් කරන්න පුළුවන් කියල, ඒත් සොෆ්ට්වෙයා install උනාට වැඩක් නැහැ වැඩ කලට වැඩකුත් නැහැ වෘතීමය plug-ins නැතුව.. තව ගොඩක් අවුල් තියෙනව
අහ්හ් තව එකක් මට ආරංචි උනා ලංකාවේ කොල්ලෝ ටිකක් එකතු වෙලා cylon linux කියල os එකක් divelop කරල කියල, මම ඒක හම්බුනු ගමන්ම දාල බලනව කොහොමද කියල,, අයෙත් කියන්නේ ලිනක්ස් developers ලටවත් , ලිනක්ස් වලින් නියමාකාරයෙන් වැඩ ගන්න උන්ටවත් නෙවෙයි මේක ලිව්වේ.. අනිත් එක ලිනක්ස් කෙටි කාලයක් තුල මේ ගමන ආපු එක ගැනත් සතුටු වෙන්න ඕනෙ,, දැන් ලංකාවෙත් ලිනක්ස් develop කරණ අපේම සුපිරි පොරවල් ටිකක් ඉන්න එක ගැනත් සතුටු වෙන්න ඕනෙ.. මොකද මම මේ එක os එකකවත් තාක්ෂණික පැත්ත දන්නේ නැහැ . මම ලියන්නෙ යුසර් කෙනෙක් විදිහට.
මම පුද්ගලිකව දැනට පාවිච්චි කරන්නෙ windows 8 .. ඉතින් මම දැන් පාවිච්චි කරණ හැම බර වැඩි සොෆ්ට්වෙයා එකක්ම mac වලට සමාන නොවුනත් හොඳට වැඩ කරනව.. high end ගේම් උනත් හොඳටම වැඩ .. ඉතිං මේවට තියෙන බාධක ලිනක්ස් වලින් ඉවත් උන දවසක මම උනත් යුසර් කෙනෙක් විදිහට ලිනක්ස් පාවිච්චි කරයි..
මම පුද්ගලිකව දැනට පාවිච්චි කරන්නෙ windows 8 .. ඉතින් මම දැන් පාවිච්චි කරණ හැම බර වැඩි සොෆ්ට්වෙයා එකක්ම mac වලට සමාන නොවුනත් හොඳට වැඩ කරනව.. high end ගේම් උනත් හොඳටම වැඩ .. ඉතිං මේවට තියෙන බාධක ලිනක්ස් වලින් ඉවත් උන දවසක මම උනත් යුසර් කෙනෙක් විදිහට ලිනක්ස් පාවිච්චි කරයි..
ඒ විදිහට ලිනක්ස් තව දියුණු කරන්න මම ලංකාවේ අපේ developers ලට සුභ පතනවා....!!!

