මා ප්‍රයිමරියේ සිට ලොකු ඉස්කෝලෙට යනකොට කුනුහරුපයකට කියා අසා තිබුනේ උඹ, තෝ, තොපි වැනි වචනය, ප්‍රයිමරියේ ඉද්දි උඹ කියා හෝ කිව්වොත් ටිචර්ගෙන් කන පැලෙන්න ෂොට් එක හම්බ වෙන්නේ ය.. කන පලාගැනීමට තිබු බිය නිසා කව්රුත් ඔයා, මෙයා, යන්න, එන්න, කියා අමතන්නට පුරුදු වී සිටියෝය....
![]() |
| කන පලාගැනීමට තිබු බිය නිසා |
කාලය වෙනස් විය... අලුත් ඉස්කෝලෙට ගිය මට අපේ උන් ගේමක් නැතුව උඹ ,, තෝ කියා කථා කරනවා දුටු මම සිතුවේ මේක මහා ජරා ඉස්කෝලයක් කියාය.... හොඳම වැඩේ උනේ සිංහල පාඩමකදීය , "තොපි කොහේ යන්නෙහුද? " ටීචර් කියද්දී මම හිතුවේ ප්‍රින්සිපල් මැඩම් දැන් ඇවිත් ටීචර්ගේ කන පලනු ඇත කියාය.... එහෙම උනේ නැත ...ඉතිං මමත් සිංහල සමග තෝ, තොපි, නුඹ, නුඹලා යන මහා භයානක කුණුහරුප රාශියක් ඉගෙන ගත්තේය...
කොහොමින් කොහොමහරි මම යථාර්තය තේරුම් ගත්තේ ය... ටික කලක් යද්දී ඒවා කුණුහරුප නොවන වග දැන ගත්තේය...
![]() |
| උගෙ වචන 10කට වචන 6ක් කුනුහරුප ය,,,, |
මේ හැමදේම මට අලුත් උවත් නිමලා ඒ කාලේ ඉඳන්ම භාෂා ප්‍රවීනයෙක් විය... මම ආත්මෙට අසා නැති වචන ඌ දැනගෙන හිටියේය... ඒ රියල් කුනුහරුප ය.... ඌ කුණුහරුප කාපර්ය,,,, උගෙ වචන 10කට වචන 6ක් කුනුහරුප ය,,,, දවසක් ඌ කියූ "ප*යා" කියන වචනය ගෙදර ගොස් තාත්තගෙන් ඇසීමට සිතුනත් ඇසුවේ නැත්තේ කුමක් හෝ භයානක ඉරණමකට ගොදුරු වීමට සිදු වෙවියයි තිබු බිය නිසා ය...ඒ තරම් ඌව අපිට ෂුවර්ය... තාත්තගෙන් ඇහුවනම් තාත්තා මගෙ කන පලනවා නොඅනුමානය.. එවෙලේම ඉස්කොලෙන්ද අස්කරගන්නවා ෂුවර් ය....
නිමලා කුණුහරුප පලන්නේ දර පලනවා මෙන් ය.. නිමලා කුණුහරුප පලනවිට "ගයියා" කුණුහරුප ගණන් කරන්නේ ය... දිනක් පාසැල නිමා වෙද්දී නිමලා කුණුහරුප 200 ටත් වඩා කියූ බවට ගයියා නිවේදනය කළේය... ගයියා පට්ට රයිඩර්ය ,, අපිට ඌත් එක්ක දුවනවා තියා හිතන්නවත් බැරිය.. ඒ වගේ කුණුහරුප ගණන් කරද්දීත් අපිට ඌත් එක්ක හැරෙන්නවත් බැරිය...
නිමලා ජිවත් උනේ උගේම ලෝකෙකය, , උගෙ පට්ටම තියරියකි...ඌ හිතාගෙන හිටියෙ කෙල්ලෙක්ගෙ අතින් ඇල්ලුවත්, කිස් එකක් දුන්නත්, විශේෂයෙන්ම lip කිස් එකක් දුන්නත් pregnet වන බවය... උගේ තියරියට අනුව අපි කාන්තා ඇසුරෙන් ඈත් උනේ 6 වසරේ දීම දරු සුරතල් බැලීමට තිබු බලවත් අකමැත්ත නිසාය...
![]() |
| අපි කාන්තා ඇසුරෙන් ඈත් උනේ 6 වසරේ දීම දරු සුරතල් බැලීමට තිබු බලවත් අකමැත්ත නිසාය... |
හිස් පීරියඩ් වලදී "නිමලා" අපිට රස කථා කියා දෙන්නේය.. මුළු පන්තියේම කොල්ලො සෙට් එක නිමලාගේ රස කථා අසා අමන්දානන්දයට පත් වන්නෝය,, ඒ කථා ඇසීමෙන් රස නහර පිනා යන්නේය, කන කළු වන්නේය, හිත සැහැල්ලු වන්නේය, ඒ ඒවා 100%ම අති පිරිසිදු කුණුහරුප වලින්ම සමන්විත නිසාය..6-7 පන්ති දෙකේම මු හිටියේ මගේ පංතියේය...ඒ අවරුදු දෙකේම මට උගෙ කථා ඇහිමේ වාසනාව හිමි වුයේ ය. කථා හොඳ ය. ඒත් කැත ය , ඌ ඒක දන්නේ නැත..(අද දැනගන්නවා ඇත)
![]() |
| හිස් පීරියඩ් වලදී "නිමලා" අපිට රස කථා කියා දෙන්නේය.. |
******************************************
ප.ලි- අදටත් ඌ මගේ හොඳ මිත්‍රයෙක් ය , කොහොමත් ඌ මට වඩා අඟල් 5,6ක් උසය,, එක අතක් මං විතරය, මේ ලිපිය දැකල ගුටි කෑමට සිදු උනහොත් එහෙම්පිටිමම ඛේදවාචකයක් ය. උට මේ හැම දේම මතකද මම දන්නේ නැත ,, එහෙත් මේක කියවුවහොත් උට මේ හැමදේම මතක් වෙනවා නිසැකය...








